ගලගොඩ වත…….

0
99

කොලොම්බූ පුර සිට
හෝමගම නම් නුවරට
කෝට් වොරන්ට් පිට
ගියේ හිමි නඩුවක් බලන්නට

එහිමි යන බව දැන
උන්ගෙ හැම අතවැසි දන
ලෙසින පසුපස දන
තුමුද දෙසුවෝ නොඑක වැදි බණ

කකා රැස් වට පිට
නේක ගෝසා කළ විට
අධිකරණය අවට
නීතිය ගොසින් තිබුණි බල්ලට

නරන් මන් තුටු කොට
නඩු කටයුතු කරන්නට
ආ හිමි වොරන්ට් පිට
ගෙනෙන ලෙස පැවසූය එකෙකුට

එහිමි නම් කවරා
වැදි බණ දෙසන නිතරා
පසිඳුවු රට පුරා
නමින් ගලගොඩ ගඳම වඳුරා

දැක ඔහු උන් වෙතට
කැඳවා වුත් පළමු කොට
නග්ගා කූඩුවට
කරුණු ඇසු කළ ජජ් නිදහසට

මින් ජජ් මනායා
කෙරෙමියි භය මනායා
සිතින් අමනායා
කෙළෙද වැදි බණ ගායනායා

බසකින් නොදන්නා
කියන පුවතට පෙන්නා
නොසතුටුව ඉන්නා
එකෙකු මෙන් ජජ් බලන් උන්නා

සැරයට ළං නොවන
ලිහිණියකු අත් පසුරෙන
ගනිමියි තැත් කරන
ලෙසින් වැදි බණ කොන්ටිනියු වුණ

එ අසා භය නොවන
ඒ ජජ් තොමෝගේ මන
භය කරවන ලෙසින
ලිහිල් සැදුමෙන් සිවුර ලාගෙන

නොතේරෙද මේ බණ
ඇසුහුද මෙයින් වැඩි බණ
නැතහොත් නැත නුවණ
කියව භය නොම වන්ට කාරණ

වඳුර, භය නෙවෙතියි
නොසිත අප භය නොදතියි
උනිමු බඩ රිදෙතියි
නොදත්තෙමු වැදි බණම බිණිතියි

නින්දා බස් කියන
ජජයිනි බණ දෙසීමෙන
මට වැඩි තරම් වන
එකකු දුටුවා ඇත්ද වෙන තැන

ගොසින් වැලිකඩ වෙත
තෝ සතියක් ගෙවනු ඇත
මට බණ කියූ සත
සුවහසක් දන එහිදි බත් කත

හිමි තෙම තම මුවින්
කර ගොන් කතා බෙහෙවින්
දැල් ගැසු බස් රියෙන්
ගියේ වැලිකඩ වෙතට මැනවින්

නම නාන සාරය
සිවුරු ලූ අවතාරය
කර නෙක විකාරය
කෙළවරදි දුටු නිවන මාරය 

මුදිත ලියනගම
http://www.boondi.lk