ගල්කටුව පාර හරහා ගලන ඇල මග පිරිසිදු නොකරන්නේ ඇයි?

0
301

IMG-20191010-WA0049
මෙවර ගංවතුර නිසා පහත් ප්‍රදේශ යටවීමෙන් දළුපත සහ ඒ අවට ජනතාව ඉමහත් දුෂ්කරතාවකට පත්වූ බව අප දනිමු . මෙම ඇලවල් මේවනවිට වැලි සහ මඩ එකතුවීමෙන් කුඩා වැස්සකට වුවද ගංවතුර නිසා නිවා ස යටවීමේ හැකියාවක් ඇත.
ගල්කටුව ප්‍රදේශවාසීන් පවසන්නේ මේගැන නිලධාරීන් දැනුවත් කළද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවයි. මීගමුවට සහ කටාන යන ප්‍රාදේශික දෙකටම අයත් නිසා දෙපැත්තේ වගකිවයුතු අය මෙය මගහැර සිටිති .IMG-20191010-WA0048
මේ නිසා නැවත ඔවුන් මේ සඳහා පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම්වේ ගල්කටුව පාරේ එක නිවසක් ගංවතුරට යටවන නිසා එම නිවස වෙනුවෙන් වැරදි ක්‍රමවේදයකට කානුවක් බැඳ ඇති ආකාරය අපි මීට පෙර සඳහන් කළෙමු . මීගමුව නාගරික මන්ත්‍රී වරයෙකු වන සේපාල මොරවක මේ සඳහා මැදිහත් වී ඇත. අවස්ථා දෙකකදී ලක්ෂ 6 ක මුදලක් මේ සඳහා වැය කර ඇත . නමුත් අපට ලැබුනු තොරතුරු අනුව මීගමුව නගරසභාවේ තාක්ෂණ නිලධාරියා මෙය අනුමත කර නැත. නමුත් මේ සඳහා අවස්ථා දෙකකදී ලක්ෂ දෙකක මුදලක් අනුමත වූවේ කෙසේද ? යන්න ප්‍රශ්ණයකි.
ගල්කටුව පාර හරහා ගලායන ඉහතකී ඇල සුද්ධ කිරීමට රු. 50, 000/පමණ මුදලක් වැයවේ යැයි ප්‍රදේශවාසීන්ගේ අදහසයි. එසේ තිබියදී නිවාස ගනනාවක් වතුරෙන් යටවීම වැලැක්වීමට ⁣අවධානය නොදී එක නිවසක් වෙනුවෙන් මෙවැනි මුග්ධ වැඩ කරන්නේ ඇයිද ? යන ප්‍රශ්ණය මතුවේ. එසේම කුඩා බැකෝ යන්ත්‍ර යක් මගින් එම ඇල සුද්ධ කිරීමෙන් කලින් කී නිවසෙහි වතුර ප්‍රශ්ණය ද විසඳෙන බව ප්‍රදේශවාසීන් පවසයි .