ගස් පාළුවෝ ගස්කපා පරිසරය වනසද්දී තවමත් පණ රැකගත් මහා වෘක්ෂයක්…

0
962
IMG 20210205 WA0014

මීගමුව , කුට්ටිදූවට යන පාරේ, මාළු වෙළඳපල සහ කොටුව පිට්ටනිය ආසන්නයේ ඇති මෙම විසල් ගස අයත් වන්නේ බන්ධනාගාර භූමියටය. අද මෙම ස්ථානය යන එන ජනතාවට සෙවන දෙන අතර කුඩා වෙළෙන්දෙකුට තම ජීවිතය ගැට ගසා ගැනීමට ඉඩකඩ ලබදෙන ස්ථානයකි. එක් යතුරු පැදි අළුත්වැඩියා කරන්නෙකුද මෙම ස්ථානය තම කටයුතු සඳහා උපයෝගී කර ගනී. එසේම විශේෂයෙන් මේ විසල් ගස ප්‍රදේශය පුරා සිටින කපුටන්ගේ වාසස්ථානයක් බවටද පත්වී ඇත.

නමුත් මේ කිසිවක් ගස් පාළුවන්ට අදාල නැත. ඔවුන් තමන්ගේ පුද්ගලික වුවමනාවන් සඳහා පොදු ජනතාව සතු මෙවැනි ගස් කපා දැම්මේ කිසිදු වගවිභාගයක් නැතිව අදාල බලධාරීන්ගේද අනුමැතිය සහිතවය. මෑතකදී කපාදැමූ ආර්පිකෝ ආයතනය අසල තිබුණු මාර ගස මීට හොඳම උදාහරණයකි.

මෙවැනි ගස් රැකගත යුත්තේ එක් පැත්තකින් ඒවා විසින් මිනිසාට හිතකර පරිසරයක් නිර්මාණය කරන බැවිනි. එසේම මෙකී ගස් හැදී වැඩීමට විශාල කාලයක් ගන්නා හෙයින් නැවත එවන් විසල් ගසක් හිතූ සැනින් ලබාගැනීමේ හැකියාවක්ද නැත. අප මෙකී ගස වෙනුවෙන් මෙම සටහන තබන්නේතබන්නේ ද යටකී ගස් පාළුවන් මේ නගරයේ එවැනි විසල් ගස් වලට කළ අපරාධය ගැන හොඳින්ම දන්නා හෙයිනි.
ගස් වවමු! එසේම තිබෙන ගස් රැක ගනිමු!
සැම්සන් ඥානසිරි

IMG 20210205 WA0010
IMG 20210205 WA0016

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here