ග්ලයිෆොසේට් නොමැතිව වල් මැරීමට ක්‍රම තිඛෙනවා ද?

0
730

අන්දොස් ග්ලයිෆොසේට් කතා හොයන්න කැබිනට් අනුකමිටුවක්
වැවිලි ක්ෂේත්‍රය තුළ ග්ලයිෆොසෙට් වල් නාශකය සීමිත තත්ත්ව යටතේ භාවිතා කිරීමට අවසර ඉල්ලා ඉදිරිපත්වූ කැබිනට් සංදේශය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යවරු සිවුදෙනෙකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් පත්කර තිබේ.

ඊයේ (18) කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අදාළ කැබිනට් අනු කමිටුව පත්කර ඇති අතර ඊට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක හා වැවිලි අමාත්‍ය නවින් දිසානායක යන අය පත්කර ඇත.

අදාළ කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරණ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාවක් පදනම්කර ගනිමින් මේ සංදේශය ඉදිපිත් කර තිබිණි.1-1F120111Z5317

කෙසේවුවද, රජයේ වල්නාශක හා පලිබෝධ නාශක පිලිබඳ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට පත් කළ එම කමිටුවේ නිර්දේශ ආර්ථික කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කර එහි අනුමැතිය ලබානොගෙන මෙය ඉදිරිපත් කළ බවට මාධ්‍ය වාර්තා පල විය.

වාර්තාව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත ඉදිපත් නොකර සෘජුවම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම ගැටලු මතු කළ කාරණාවක් වූ අතර රජයේ වල්නාශක හා පලිබෝධනාශක පිලිබඳ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට පත් කළ එම කමිටුව සාමාජිකයන් 10 දෙනෙකු ගෙන් සමන්විත වන බව දක්වා තිබුණ ද කමිටු වාර්තාවේ සාමාජිකයන් 09 දෙනෙකුගේ පමණක් නම් සටහන්ව තිබීමද ගැටලු මතුකළ කාරණාවක් විය.

මේ අතර, අදාළ කමිටුව නියෝජනය කරනු ලබන සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතාගේ නිර්දේශ ද නොවීම විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් යාපා මහතාගෙන් දුරකථනයෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ ග්ලයිෆොසේට් නොමැතිව වල් මැරීමට ක්‍රම ඇති බවයි. එසේම ඒවා හානිකර නොවන ක්‍රම බවද ඔහු කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.