ග්‍රින්ස් පාරේ කඩවල බඩු විකිණෙන්නේ නැත්තේ one way හින්දද ?

0
99

traffic-planමීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකව සිටි සමන්තිලක වැලිවිට මහතාගේ මුලිකත්වයෙන් රථවාහන අංශයේ ප්‍රධානි ගජනායක මහතාගේද සම්පුර්ණ සහයෙන් සහ මීගමුව සංවර්ධන පදනමේ මගපෙන්විමෙන් මීගමුව තුල දැනට වසර 2 කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක අතිසාර්ථක එක අතකට one way රථවාහන සැලැස්ම නගරය තුල ක්‍රියාත්මක වෙමින් තිබේ.
මීගමුව ඉතිහාසය තුල මෙවන් දිගු කාලයක් මෙලෙසින් විධිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වු පළමු අවස්ථාව වන්නේ මෙයයි.
මීට පෙර මීගමුව නගරය තුල රථවාහන  සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට නොහැකිවු ප්‍රධාන හේතුව වි තිබුනේ සාම්ප්‍රදායික ව්‍යාපාරිකයන් සුළු පිරිසක් සහ ලංසා පවුලේ මැදිහත්විම නිසාය.
මේ නිසා විධිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක සෑම අවස්ථාවකදිම ව්‍යාපාරික සංගමයේ සුළු පිරිසක් නිමල් ලංසාට දැනුම් දි එය අවලංගු කිරිමට පියවර ගෙන තිබුණි.

මීගමුවට මුලින් රථවාහන සැලැස්මක් හදුන්වා දිපු මුලස්ථාන පොලිස් පරික්ෂක අල්විස් මහතා
මීගමුවට මුලින් රථවාහන සැලැස්මක් හදුන්වා දිපු මුලස්ථාන පොලිස් පරික්ෂක අල්විස් මහතා

එහෙත් දැනට ක්‍රියාත්මක අතිසාර්ථක රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරිමේදි දේශපාලන අධිකාරිය ලෙසින් මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතාව මෙන්ම නගරාධිපති ඇන්ටනි ජයවිර මහතාවද මෙහි ඇති වැදගත්කම දැනුවත් කරමින් ඒ අයගේද සහය ලබාගැනිම සදහා මිපුර වෙබ් අඩවිය තිරාණාත්මක මැදිහත්විමක් කර තිබුණි.
මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙසින් මීගමුවේ රථවාහන සැලැස්ම සාර්ථක අයුරින් දැනට ක්‍රියාත්මකය.
තතු එසේව තිබුනද මෙයට එරෙහිව දැන් බලවේග කිපයක් ක්‍රියාත්මක බව වාර්ථාවේ.
මින් එක් පිරිසක් වන්නේ මීගමුව වෙළද සංගමයේ සිටින ව්‍යාපාරිකයන් අතලොස්සකි.
මේ ඇතමෙකුගේ ව්‍යාපාරික ස්ථාන අදට ගැලපෙන අයුරින් නොතිබිම නිසා ඒ ස්ථාන කරා පාරිභෝගකයන් එන්නේ නැත.
ඇත්ත තතු එසේ වුවද මේ ඇතැම් ව්‍යාපාරිකයන් කල්පනා කරන්නේ තමන්ගේ තැනට වෙළදාම අඩුවි  ඇත්තේ මේ වන්වේ එක නිසා යැයි කියාය.
මේ අතර මීගමුවේත් නොවන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ සුරියආරච්චි නැමැත්තෙකු අවස්ථා ගණනාවකදි මේ රථවාහන සැලැස්මට එරෙහි තැන් තැන්වලට පෙත්සමක් කිපයක් යොමු කර තිබුණි.
ඔහු මේ පේස්සම් කලාව ගැන මහත් ප්‍රසිද්ධියක් උසුලන බවද සැලය.
කෙසේ වෙතත් වරක් මේ සුරියආරච්චි නැමැත්තාවත් ඔහු සමග පැමිණ සිටි තවත් පියතුමෙකුවත් හිටපු මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක වැලිවිට මහතා සිය ජිප් රථයේම මිගමුව නගරය වටා රවුමක් ගෙනගොස් දැනට ක්‍රියාත්මක රථවාහන සැලැස්මේ සාර්ථකත්වය ගැන පෙන්වා තිබුණි.
පියතුමා විසින්ද එය අගේකොට තිබුණි.
එහෙත් සුරියආරච්චිගේ ලෙඩේ තවමත් සනිප වි නැත.
මීගමුව හෙටට ගැලපෙන නගරයක් ලෙසින් අද සිටම නිර්මාණය කරගතයුතුව තිබේ
ඒ වෙනුවෙන් දැනට නගරය තුල ක්‍රියාත්මක එකම මාධ්‍යය ලෙස අප අපගේ වගකිම උපරියෙන්ම ඉටුකරන්නෙමු.
ගණිඥයන් ඇවැසි තැනට නැට්ටුවන්ගෙන් වැඩක් නැති බව තේරුම්ගැනිමට නොහැකි සුලු පිරිසක් රථවාහන සැලැස්ම ගැන පිස්සු කෙළින බව අප දනිමු.
ඒ අය ගැන මීපුර අපි අවදියෙන් බව පමණක් සදහන් කරනු කැමැත්තෙමු .