ග්‍රීන්පාක් පිට්ටනියේ කඩ හැදීම සහ කඩ කැඩීම!

0
76

ග්‍රින් පාක්(12.30 pm )මීගමුව  ග්‍රීන්පාක්  පිට්ටනිය  කලකදී  නගරයේ  නිදහස්  තැනක්  ලෙස  පොදු කටයුතු  සදහා  භාවිතා  කළ  ස්ථානයක්  විය.  නගරයේ  තදබදයෙන්   මිදී
පැමිණ  හුස්මක්  ගැනීමට  හැකි   ස්ථානයක්  වශයෙන්  යනඑන  මිනිස්සුන්ට ලොකු  සහනයක්  විය.එකල බොහොමක් දේශපාලන රැස්විම් පැවැතියේදි මේ ස්ථානයේදිය.

එහෙත්  පොදු  දේපල  තුළින්  මඩිය  තරකරගැනීමේ   සහ  කළදුටුකල  වල
ඉහගන්නා   ජාතියේ  පාලකයින්ට  මේවා  වැඩක්  නැත. මේ  අනුව   එවකට
නගරාධිපති  වශයෙන්  කටයුතු  කළ  නිමල්  ලංසා  මෙහි  වෙළද  සංකීර්ණයක්
සදහා  සුදුසු  බවට    මතයක්  හදමින්  තමන්ගේ  නිල  බලය  යොදා   ඒ  සදහා
අදාල  එක්  කඩයක්  සදහා  කෝටියක  මුදලක්  යෝජනා  කර   මේ  සදහා  50%  ක
අත්තිකාරමකුත්  ගන්නා  ලද අතර ඔහු  මේ  මගින්  කෝටි  10ක   මුදලක්  එකතුකර
ගන්නට යදෙුණි.
සල්ලි ගැනිම් කෙසේ වුවද   වෙළද  සංකීර්ණය  හැදුනේ  නැත.
මෙසේ රැස්කළ මුදල   තවත්  ව්‍යාපෘතියකට  යොදවා  අවසන්ව තිබුණි.
ඉහත  කී   මුදල්  දුන්  අය නැවත  තම  මුදල්  ඉල්ලා සිටින්නට විය. එම මුදල් පසුව නිමල් ලාන්සා විසින් ටික ටික ගෙවන ලදී.
නගරසභාවේ  මෙවැනි  මුදලකදී   රජයට   වැට්  බදු  ලෙස   ගෙවීමක්  කළ  යුතුව  තිබුනු  බැවින්  එම  මුදල  ගෙවා  තිබිණි..අදාළ අයට  ඉහත කී මුදල් ටික ටික ගෙවන  ලදී.
මුදල්  නැත්නම්  දෙන්නේ  කොහොමද?
මුදල් දුන් අය පසෙක සිටියදී තමන්ගේ හිතවතුන්ට මෙම  ස්ථානයේ තහඩු කඩ හදා ගැනීමට ඉඩකඩ ලබාදෙන ලදී. අදාළ අයට ඉහත කී මුදල් ටික ටික ගෙවන ලදී. වෙළද සංකීර්ණය නොහැදුන නමුත් තමන්ගේ  හිතවතුන්ට එම ස්ථානයේ  තහඩු වලින්  කඩ හැදීමට ඉඩකඩ දෙන ලදී.
ග්‍රීන්පාක්  භූමියට  මෙම  තහඩු  කඩ  පැමිණියේ  මේ  ආකාරයටය
මෙසේ තහඩු  කඩ  සදහා  අවසර   ලබාදී  පාරකුත්   ලබාදෙන  අතර  ඒසදහා  මුදල්  අය
කිරීමක්ද සිදුකෙරේ
මෙහිදි එ. ජා. ප.  කිහිප  දෙනෙකුටත්   මෙම  කඩ ලබාදෙන  නමුත්
වැඩි දෙනෙක්  ලංසාගේ  හිතවතුන්  බව   කිවයුතුය.
මේ  නාටකයේ  මීලග  කොටස  අනුව  දයාන්  ලංසා   කරලියට  පැමිණේ. ඔහු කඩු අතට ගෙන විරයාගේ චරිතය තෝරාගනි.
එහෙත් ඇත්ත තත්වය නම් ඔහු මෙසේ මාධ්‍ය සංදර්ශන පවත්වමින්  රගන්නේ සිය සහෝදරයා වු නිමල් ලංසා විසින් මුළු නගරයේම ඉඩම් විවිධ හේතු කියා අල්ලාගෙන අනවසර ඉදිකිරිම් කප්පරක් සිදුකර  ඇති තැන්  ඉවත් කරන්නට කටයුතු කරන බව කියමින් විරයෙකු වන්නටය.
සැලැස්මක් නැති අනිතික වැඩනිසා දැන් අසරණව ඇත්තේ දිවි ගැටගසා ගැනිම සදහා වසර ගණනාවක් තිස්සේ මෙහි කඩඉදිකරගෙන දිවි ගැටගසා ගත් මිනිසුන්ය.
අයියාගේ නිති විරෝධි වැඩ හමුවේ දැන් මල්ලි මාධ්‍ය සංදර්ශණ පවත්වන්නේ මම කෙලින් මිනිහා යැයි කියන්නටය.
එහෙත් ඇත්ත තත්වය මීගමුවත් රටත් ඉතා හොදින් දනි.
වැඩියෙන් සංදර්ශණ පවත්වන්නෝ වැඩියෙන් හොරවැඩකරන්නෝය. මන්ද මේ සංදර්ශණ හරහා ඒ අයට වහගන්න ඇති කුණු ප්‍රමාණය වැඩි නිසාය..