ගාල්ල සෞඛ්‍ය ලොක්කන්ට ස්ථාන මාරු ? මිගමු MOH නිදැල්ලේ ?

0
73
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශීය වසංගත විද්‍යාඥවරයා ස්ථාන මාරු ලබාදි ඇතැයි ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේඒ,  ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේදී අවිධිමත්ව කොවිඩ් එන්නත් දුන් බවට එල්ල වූ චෝදනා හේතුවෙනි.බස්නාහිර පළාතේ පිරිසකට ගාල්ල ප්‍රදේශයේදි ඇස්ට්‍ර සෙනෙකා එන්නත ලබාදුන් බවට නැගුණු චෝදනාට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඊයේ දිනයේදි වාර්තා විය.
මේ අතර වඩාත් දුෂිත එන්නත්කරණ වැඩසටහන් මුල පටන් ක්‍රියාත්මක කළ මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ගැනද අදාල බලධාරින් විසින් සිය අවධානය යොමුකළ යුතුව තිබේ.
මිගමුව තුල එන්නත්කරණය නගරාධිපති දයාන් ලංසාගේ පුද්ගලික දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කරගැනිමට මිගමුව MOH විසින් ඉඩහැර තිබුන බවට බරපතල චෝදනා රැසක් එල්ලව තිබුණි.
මිගමුවේ දේශපාලන පවුලක දෙමව්පියන් හට ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් එන්නත ලබාදුන් බවටද චෝදනා ඇතැයි මිගමුවේ ඇතැම් නාගරික මන්ත්‍රිවරුන්ම චෝදනා කර සිටිති