ගැටළු රැසක හිරවුනු මීගමුවේ කරවල වෙළඳාම…

0
449

IMG-20201015-WA0015

මීගමුවේ මාළු වෙළෙන්ඳන් මෙන්ම කරවල නිපදවන්නෝ ද මේවන විට ගැටළු රැසකට මුහුණ දී ඇත. එක ගැටළුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ⁣කොරෝනා වසංගතය හමුවේ කරවල මිලදී ගැනීමට එන වෙළෙන්ඳන්ගේ අඩුවීම නිසා තම කරවල විකුණා ගැනීමේ ප්‍රශ්ණයක් පවතින බවයි. ගම්පහ, මිනුවන්ගොඩ , වේයන්ගොඩ, ජාඇල වැනි ප්‍රදේශ වල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම ඊට ප්‍රධාන හේතුව ලෙස පවතී.
එසේම කරවල වෙළඳාමේ තවත් බරපතල ගැටළුවක් පිළිබඳව ඔවුන් අප සමඟ පැවසූ අතර එය එක් පැත්තකින් පාරිභෝගිකයාට ද දැඩිලෙස බලපාන තත්වයක් බව පෙනේ. මේ අනුව කොළඹ ලොකු මුදලාලිලා කිහිප දෙනෙකු පිටරටින් කරවල ගෙන්වීම නිසා තමන් නිෂ්පාදනය කරන කරවල විකුණා ගැනීමේ අපහසුව ප්‍රබල ප්‍රශ්ණයක් බවයි. මෙකී කරවල කිසිදු ප්‍රමිතියකින් තොරව ගෙන්වන ඒවා බවත්, සමහර කරවල තොග ගෝනි වල දමා ගෙන්වා අසුරා තබා ගනිමින් , අඩු මිලකට අලෙවි කරන බවත් , මේනිසා මාස ගනනක් පරණවූ කරවල පාරිභෝගිකයා අතට යන බවත් , ඔවුන් තවදුරටත් පවසති.
මෙය බරපතල කරුණක් වන්නේ සාමාන්‍ය ජනතාවට කුණු කරවල බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්ණයයි. කෙසේ නමුත් අප මේ පිළිබඳව අවධානයෙන් සිටින අතර ඉතා ඉක්මනින් මෙම ගැටළුව විසඳා ගැනීම සඳහා මැදිහත්වන ලෙස සියළු වගකිවයුත්තන්ට අවධාරණය කරන්නෙමු.
සටහන සහ ඡායා සැම්සන් ඥානසිරි IMG-20201015-WA0014

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here