ගැබිණි මව කහඉරේදි මරා දැමු නවලෝක අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට..

0
91

පිටකොටුව ඕල්කට් මාවතේ, ගුණසිංහපුර හංදියේදි කහ ඉර මතින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගැබිණී කාන්තාවක් සිය සුඛෝපභෝගී ජීප් රථයට යටකර, රටින්ද පලාගිය

නවලෝක රෝහලේ ආරක්ෂක අධ්‍යක්ෂවරයා නැවත ලංකාවට පැමිණ පොලිසියට භාර වී ඇත.

නිලාන් පියරත්න නැමති මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් නිකුත් කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබූ අතර, ඊට පෙර අද (09) උදෑසන සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔහු පොලිසියට භාර වී තිබේ.

අප්‍රේල් 27වැනිදා අළුයම මෙම අනතුර සිදුවූ අතර, මහනුවර පූජාපිටියේ පදිංචිකාරියක වන මොහොමඩ් ෆාතිමා මුජියා නැමති ගැබිණි මව එම ස්ථානයේදීම මිය ගියාය.
එහිදී ජිප් රථය නොනවත්වාම ධාවනය කර පලා ගිය සැකකරු මිතුරෙකුට ජිප් රථය සැගවීමට ලබා දී සිංගප්පූරුවට පැන ගොස් තිබේ.

සැකකරු රාත්‍රි සමාජ ශාලාවක කාලය ගතකොට බීමත්ව අධික වේගයෙන් වාහනය පදවමින් මෙම අනතුර කර ඇති බව පොලිස් පරීක්‍ෂණ වලින් මේ වන විට අනාවරණය වී තිබේ.

කොළඹ නගරයේ සවිකර ඇති ආරක්‍ෂක කැමරා දත්තයන් සහ කාන්තාවගේ සැමියා ලබාදුන් වාහනයේ ඉංග්‍රිසි අක්‍ෂරයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේද සහය ඇතිව වාහන 545ක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අදාළ වාහනය සොයාගත් බව සදහන්ය.

අදාළ රිය අනතුරේ දර්ශන CCTV කැමරාවේ මෙසේ සටහන් වී තිබිණි.
තොරතුරු මුලාශ්‍ර-www.lankaherald.com