ගැසට් පිට ගැසට් ගැහුවත් මිළ අඩු නොවූ සීනිවල තිත්ත ඇත්ත!

0
157
(6.00 pm ) දින 50 ක් තිස්සේ ඇදී යන සීනි මිළ අර්බුදය පිළිබඳව අප දිගින් දිගටම වාර්තා කළේ
ආණ්ඩුවේ අවිදිමත් තීන්දු තීරණවලින් ජනතාවට කිසිඳු අකාරයේ යහපතක් සිදුව නැතත්, ආණ්ඩුවට සම්බන්ධ ගජමිතුරු ජාවාරම්කාරයින් කිහිපදෙනෙකු ආණ්ඩුවේ ඇතැමුන්ගේ සහයෙන් කෝටි ගණනක මුදලක් හම්බකර ගත් ආකාරය හෙළිදරව් කිරීම සඳහාය.
එසේම, ආණ්ඩුවේ මෙවැනි අවිදිමත් තීරණය නිසා දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් සමග සමීප ගනුදෙනුවක් නැති, දේශපාලනඥයින් වෙනුවෙන් සාද නොපවත්වන, දේශපාලනඥයින්ගේ බිල්පත් නොගෙවන සාමාන්‍ය  වෙළෙඳ ප්‍රජාවට ද බලවත් අසාධාරණයක් සිදුව ඇති බව අනාවරණය කිරීම සඳහාය.
රජයන් ක්ෂණිකව ගන්නා ඇතැම් තීන්දු තීරණ වලින් බොහෝ අවස්ථාවල එක් පාර්ශවයක් හෝ පාර්ශව කිහිපයක් ප්‍රථිලාභ ලැබූ අතර තවත් ව්‍යාපාරිකයන් කොටසක්  පාඩු ලබමින් ව්‍යාපාරවලින් විසිවී යාම සිදුවේ. එය පැහැදිලිවම පුද්ගල වෙළඳ ඒකාධිකාරයකට පාර කපන්නකි.
මෙම සංකීර්ණ වෙළඳ ක්‍රියාකාරකම් පිළිබඳව (Complicated trade activities)  බොහෝ දෙනෙකු අප දැනුවත් කළ අතර ‘සීනි අර්බුදය’ මෙතෙක් තේරුම් කරගැනීමට නොහැකිවූ අපගේ පාඨකයින්ගේ දැනගැනීම සඳහා එම අර්බුදය පියවරෙන් පියවර සැකෙවින් මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
සීනි මිළ රුපියල් 85/= දක්වා තවම අඩු වී නොමැත.:
# ගැසට් පිට ගැසට් ප්‍රකාශයට පත් කළ ද සීනි මිළ රුපියල් 85/= දක්වා  තවම අඩු වි නොමැත.
# පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිටත් සිනී මිල ක්‍රියාත්මක කිරීම සම්බන්ධව එතරම් උනන්දුවක් නොමැතිබව පෙනේ.
# සීනි ආනයනය තහනම් කරමින් නොවැම්බර් මස 3 දින නිකුත් කරන ලද ආනයන සහ අපනයන පාලකගේ නියෝගයද තවම අවලංගු කර නොමැත.

hjfgn

# ඔක්තෝබර් මස 13 දින සීනි සඳහා වූ තීරුබද්ද ශත 25 දක්වා අඩු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන විටත් තොග වෙළෙඳුන් සන්තකයේ තිබුන  (කිලෝවකට රුපියල් 50/බැගින් තීරු බදූ ගෙවාතිබූ) සීනි තොග තාම ගබඩාවලය.
# මෙම තොග බොහොමයක් බැංකු ණය යටතේ ආනයනය කර තීරුබදු පමණක් ගෙවා ගබඩා කර ඇති බැංකුවේ පාලනය යටතේ පවතින තොගයි. (Pledged stocks )
# වර්තමාන ආනයන රෙගුලාසි යටතේ අපනයනකරුවන්ට (Exporters) මෙම සීනි තොග සදහා දින 90 කින් මුදල් ගෙවිය යුතුය.
දැනටමත් දින 58 ක් ගත වී අවසන්ය.
# ආනයනය කරන ලද සීනී මිල පාලනය සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විසින් සීනි කිලෝවක් අළෙවි කළ හැකි උපරිම තොග මිළ රුපියල් 80/=ක් වශයෙන් දැක්වෙන ගැසට් නිවේදනයක් නිකුත් කල අතර රුපියල් 120/= ක් පමණ වියදම් වී ඇති සීනි කිලෝවක් ගැසට් එකක් ගැසූ පමනින් රුපියල් 80/= කට අලෙවි කළ නොහැකිය.

# මේ අතර තොග වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටියේ, කිලෝවට රුපියල් 50/= බැගින් තීරු බදු ගෙවා වරායෙන් නිදහස් කරගෙන ඇති තොග අවසන් වන තුරු රුපියල් 80/= බැගින් මිළ නියම කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසය.
(ගෙවනු ලැබූ තීරු බදු නැවත ආපසු ගෙවීමට(Refund ) රජයට නොහැකි නිසා මෙවැනි ඉල්ලීමක් කරන බව එම තොග වෙළඳුන් පවසති)
# මෙම තොග වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටියේ ආනයන අපනයන පාලකගේ ගැසට් නිවේදනයද අවලංගුකර තමන්ට ද ශත .25 බැගින් තීරුබදු ගෙවා සීනි ආනයනය කිරීමට අවස්ථාව සලසන ලෙසයි.
එවිට ඔවුන්ගේ පිරිවැය අඩු වී තොගයේ මුලු වටිනාකම සාමාන්‍ය (Average Cost) වනු ඇත.
# එහෙත් මේ කිසිවක් පසුගිය දින 58 තුළ සිදු නොවීය.
# මේ අතර සීනි සඳහා සත .25 තීරු බද්ද පනවන විටත් බන්දිත ගුදම් වල තිබුන (Bonded Ware House) තීරු බදු නොගෙවන ලද සීනි ටොන් 8000 කට ශත 25 බැගින් තීරු බදු ගෙවා එක්තරා සමාගමක් තොග නිදහස් කරගෙන ඇත.
එම සිනී තොගයේ වියදම අඩු  නිසා රුපියල් 80/= අලෙවි කල යුතුය.
”මේ අතර සීනි සඳහා සත .25 තීරු බද්ද පනවන විටත් බන්දිත ගුදම් වල තිබුන  (bonded ware house) තීරු බදු නොගෙවන ලද සීනි ටොන් 8000 කට ශත 25 බැගින් තීරු බදු ගෙවා එක්තරා සමාගමක් තොග නිදහස් කරගෙන ඇත.” 
තවද තීරුබදු අඩුකිරීමේ වාසියද ලබාගත් අදාළ සමාගම සති දෙකක් තුලදී ඉන්දියාවෙන් සීනි ටොන් 26,000 ක නැවක් ආනයනය කර මාර්ගගත  තීරුබදු ගෙවීමේ පහසුකම යටතේ (Online duty payments) කිලෝවකට ශත .25 බැගින් තීරුබදු ගෙවා ඇත.
මෙය අසාමාන්‍ය ලෙස තීරුබදු අඩුකල විට ඕනෑම දක්ෂ ව්‍යාපාරිකයකු විසින් ගනු ලබන තීරණයකි.
# මේ වෙන විටත් සීනි ආනයනය තහනම් කරමින් ආනයනය අපනයන පාලක විසින් නිකුත් කරන ලද නිවේදනය දේශපාලන බලයක් සහිත අදාළ සමාගම තුට්ටුවකට හෝ මායිම් කර නොමැත.
කහ වගේද සීනි !
# ඇති වී තිබෙන මෙම අර්බූදය  වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධනත්, අමාත්‍යංශයේ ලේකම් භද්‍රාණී ජයතිලකත්, මුදල් අමාත්‍යංශයේ නිලධාරීනුත් හොඳින්  තේරුම් ගෙන තිබුන ද ඒ කිසිවකුට හෝ මෙම ගැටළුවට දින 50 ක් තිස්සේ විසඳුමක් නොදෙන්නේ ඇයිද යන කාරණය ප්‍රහේලිකාවකි.
# ඔවුන්ට කිසිවක් කල නොහැකි මට්ටමට ඉහලම දේශපාලන මැදිහත්වීමක් ක්‍රියාත්මක වී තිබීම ඊට හේතුවයි.
# මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂට පිටකොටුවේ තොග වෙළඳාමේ ස්වභාවය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතත් මේ මොහොතේ දී ඔහුට හෝ කළ හැකි දෙයක් නොමැති බවත් ඉහල නිලධාරියකු විසින් සියල්ල තීන්දු කරන බවත් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් මැසිවිලි නගති.
# ශත .25 බද්ද ඉවත් කිරීමට සතොස සභාපති නුසාඩ් පෙරේරා සහයෝගය නොදෙනවාද ? යන්න පිළිබඳව ඔවුන් සැක මතුකර ඇත.
# ඔක්තෝබර් 13 දින ගැසට් පත්‍රයෙන්ම ටින් මාළු සඳහාද ශත .25 දක්වා අඩු කරන ලද තීරුබද්ද නැවත රුපියල් 100/= දක්වා වැඩි කිරීමට පසුගිය දා අනුමැතිය දුන් ජනාධිපති කාර්යාලය සීනි තීරුබද්ද නැවත ස්ථාපිත කිරීම අනුමත නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි.

විසදුම කුමක්ද?
දැන් වෙළෙඳපොළේ ශත .25 බැගින් තීරුබදු ගෙවූ ටොන් 30,000 ක් පමණද, රුපියල් 50/= බැගින් තීරුබදු ගෙවූ සීනි ටොන් 70,000 කට ආසන්න ප්‍රමාණයක් ඇත.
මෙය සරල සමීකරණයකට සමානය.
A නැමැති වෙළෙන්ඳා සන්තකයේ ශත .25 බැගින් තීරුබදු ගෙවූ ටොන් 26,000ක් ඇත.
B,C,D. …යන වෙළෙන්ඳන් සන්තකයේ රුපියල් 50/= බැගින් තීරුබදු ගෙවූ සීනි කිලෝ ටොන් 70,000 පමණ ඇත.
රජය මෙම ප්‍රශ්ණය විසඳන්නේ කෙසේද? 
 
අප එය ඔවුන්ට භාර කරමු.
ආණ්ඩුවේ හා විපක්ෂයේ සමහර මැති ඇමතිවරුන්ට පවා තේරුම් ගැනීමට නොහැකි වූ සීනි නාටකයේ පිටපත දිග හැරෙන්නේ ඉහළ සඳහන්  ආකාරයටය.
සිය අනන්‍යතාවය ප්‍රකාශ නොකරන්නැයි ඉල්ලා සිටිමින් අප සමග අදහස් දැක්වූ සීනි ආනයනිකයන් කිහිප දෙනෙකු මෙසේ පැවසුහ.
”අපිත් පාලන මිළට සීනි දෙන්න කැමතියි. අපි තමයි හැමදාම සතොස ටෙන්ඩර්වලට සීනි සපයන්නේ. මේ ගැසට් නිවේදනයෙන් සීනි කිලෝවකට තීරුබද්ද අඩු කරන විට අප ලඟ ටොන් 90,000 ක් තිබුණා. එම ප්‍රමාණය එක් එක් ව්‍යාරිකයාගේ හැකියාව අනුව ටොන් 28,000 සිට 1750 දක්වා වූ තොග.
මෙම තොග බැංකුවලට (Pledge) උගස් කරලා තියෙන්නේ…
අපි උපිරිම තොග මිළ රුපියල් 80/= ගණනේ මෙම තොග අලෙවි කළොත් අපගේ සමාගම් 14 කට රුපියල් ( 90,000 x 49,750) මිලියන 4477 ක් නැත්නම් බිලියන 4.4 ක්  පාඩු වෙනවා.
ඉන්පසු ඉදිරියේදී අපට ව්‍යාපාර කරන්න බැහැ. අපේ සියලුම වත්කම් බැංකුවලට සින්න වෙයි.
”අපි උපිරිම තොග මිළ රුපියල් 80/= ගණනේ මෙම තොග අලෙවි කළොත් අපගේ සමාගම් 14 කට රුපියල් ( 90,000 x 49,750) මිලියන 4477 ක් නැත්නම් බිලියන 4.4 ක්  පාඩු වෙනවා. ඉන්පසු ඉදිරියේදී අපට ව්‍යාපාර කරන්න බැහැ. අපේ සියලුම වත්කම් බැංකුවලට සින්න වෙයි.” – දේශපාලන හිතවත්කම් රහිත සීනි ආනයනකරුවන් පවසති. 
ජාත්‍යන්තර වෙළෙඳාමේදී පවා සාධාරණ වෙළෙඳාම (Fair Trade) කියලා එකක් තියෙනවා, මහා පරිමාණ සමාගම්වලට තියෙන බලය නිසා ඔවුන්ට එක් ආකාරයකටත් අපට වෙනත් විදිහකට සලකන එක වැරදියි. අපේ දුක් ගැනවිල්ලටත් රජය කන් දෙන්නේ ඕන.
අපි ඉල්ලා සිටින්නේ අසාධාරණ ඉල්ලීමක් නොවෙයි.  අපේ තොග අවසන් වුනාම නැවත ශත .25 තීරුබද්ද දාන්න. එවිට අපිත් සීනි ආනයනය කරලා රුපියල් 80/= ට දෙන්නම්.
අපිත් කැමතියි ජනතාවට සාධාරණ මිළකට භාණ්ඩ අළෙවි කරන්න. අපි අවුරුදු 50 කට වැඩියෙන් මේ වෙළෙඳාමේ ඉන්නවා.”
 තීන්දුව මුදල් අමාත්‍යාංශය සතුය. 
 
එක් රටක් එක නීතියක්!!!
(විශේෂ වාර්තාකරුවකු විසිනි)