ගිං ඔයේ අනවසර ඉදිකිරීමක් ?

0
59

ගිං ඔයේ අතුගංගාවක් බොරලැස්ස ප්‍රදේශය හා නයිනමඩම,වෙන්නප්පුව යන ප්‍රදේශ මැදින් ගලායන අතර එයට අයත්  රක්ෂීතයක් නයිනමඩම හා බොරලැස්ස යන ප්‍රදේශ වලට මායිම්ව පිහිටා තිබේ. හැමිල්ටන් ඇල ලෙසද ප්‍රසිද්ධ මෙම අතුගංගාවේ දෙපස ඇති  රක්ෂිතය නීතිවිරෝධී ආකාරයට පුද්ගලයන් විසින් විනාශකරමින් සිටින බව ඒ ප්‍රදේශයෙන් වාර්තා විය.මේ ප්‍රදේශය ආශ්‍රීතව ඇති සංචාරක හෝටල් මෙන්ම අති විශාල කර්මාන්ත වල අපද්‍රව්‍ය මෙම ගිංඔයට මුදාහැරෙන අතර මේවා නවත්වන්නට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සිට පළාත්සභාව මෙන්ම වයඹ පරිසර අධිකාරියට ද තවම හැකිවී නොමැත.
මෙහි අලුත්ම තත්ත්වය වන්නේ  ගිංඔය ආශ්‍රිතව අනවසර ඉදිකිරීමක් සිදුකර තිබීමයි.
බොරලැස්ස ප්‍රදේශයේදි ගිංඔයේ සංරක්ෂිත භුමීයේ ගිං ඔයේ ඉවුරටම මායිම්ව  නීති විරෝධි අත්තිවාරමක් ඉදිකර ඇති අතර මෙහි ගොඩනැගිල්ලක් තැනීමේ අරමුණින් මෙම අත්තිවාරම දමා ඇති බව ප්‍රදේශවාසීන් පවසති.
මේ පිළිබඳව මාධ්‍ය මගින් විමසන තෙක් වෙන්නප්පුව ප්‍රා.ලේකම් දැන නොසිටි අතර, ප්‍රදේශයේ ග්‍රාමසේවකවරයාගේ වගකීම  මෙහිදී ඉටුවී නොමැත.
ප්‍රදේශයේ ඇති සියලු භුමිවලට  හා පරිසරයට අදාළව යම් අකටයුත්තක් වනවා නම් එය පළමුවෙන්ම දැනගතයුතු රජයේ නිලධාරියා වන්නේ ග්‍රාමසේවකවරයායි. නමුත් අවාසනාවට වෙන්නප්පුව වැවේ ඉදිකළ අනවසර ඉදිකිරීම නවත්වාගන්නට ද ප්‍රදේශයේ ග්‍රාමසේවකට හා අදාළ බලධාරීන්ට නොහැකි විය. දැන් එය නඩුමාර්ගයකින් විසඳාගැනීමට සිදුවී තිබේ. මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් බලධාරීන් ගන්නා පියවර ගැන අප බලා සිටිමු.

10653854_774356529273749_393444910088149480_n10177376_774356539273748_8483472123085284254_nඡායා – චන්දන ප්‍රනාන්දු
https://www.facebook.com/chandana.fernando.33?fref=ts