ගිණිකෙලි කර්මාන්තය ප්‍රමිතිගතකරන්න රජයට තවත් මළමිණි කියක් අවැසිද ?

0
61
2013 වසරේ පියපුතු දෙදෙනකු බිලිගත් ගිණිකෙලි ඛේදවාචකය
2013 වසරේ පියපුතු දෙදෙනකු බිලිගත් ගිණිකෙලි ඛේදවාචකය

ලංකාවේ ගිණිකෙලි කර්මාන්තයට ප්‍රසිද්ධම නගරය වන්නේ කිඹුලාපිටියයි.කලෙක බෝලවත්ත සහ දංකොටුව යන ප්‍රදේශ  ගමේ අරක්කු වලට ප්‍රසිද්ධව සිටි අයුරින්ම කිඹුලාපිටියේ   විශේෂිකරණය වුයේ ගිණිකෙලි සදහාය.
එහෙත් මෙහි කර්මාන්තයේ නියැලෙන අයගෙන් අදාල නිතිමය කොන්දේසි සපුරා නිසි අවසර පත් සහිතව කර්මාන්තයේ නියැලෙන පිරිස 25% අඩු තරම්ය.
බහුතරයක් දෙනා ආණ්ඩුපක්ෂ දේශපාලකයන්ගේ අනුග්‍රහය මත නිතිමය නොවන අයුරින් දැන් කර්මාන්තයේ නියැලෙති.

ඒ අය කිසිවෙකුත් කොන්දේසි සපුරා නැත. සියළු ගිණි කෙලි ගබඩා කරන්නේද නිවසේමය.මේ නිසාම පසුගිය කාලය තුල ඉතා අවසානාවන්ත මරණ රැසක් මේ අනාරක්ෂිත කර්මාන්තය විසින් ඇතිකර තිබුණි.එපමණක් නොව කර්මාන්තය සදහා යොදවා ගනු ලබන ශ්‍රමය පිළිබදවද දැන් ගැටළු පැන නැගි ඇත.
එනම් ඇතැම් අවස්ථාවලදි හෙළිව තිබුනේ මෙම කර්මාන්තය සදහා බාලවයස්කරුවන් යොදා ගන්නා බවය.මේ සියල්ලේ ප්‍රතිඵලය වි තිබුනේ ඉතා අවසානාවන්ත ලෙසින් මිය ගණන වැඩිවිම පමණි.
පසුගිය දිනක කිඹුලාපිටිය ප්‍රදේශයේ සිදුව ගිණිකෙළි අනතුරකින් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා මිගමුව රෝහලට ඇතුලත් කර තිබුණු බාලවයස්කාර ලමයෙකු දින කිහිපයක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් තිබේ.
මෙහි ආසන්තම ගොදුර වාර්තා වන්නේ කිඹුලාපිටියේ සුරේශ් ගිණිකෙලි කම්හලෙනි.
අසරණයන් තිදෙනෙකු මෙහිදි සිය ජිවිත වලින් වන්දි ගෙවා තිබුණි.
මෙවන් මරණ ගණනාවක්ම මෙහි සිදුවුනද නිතිය මැදිහත්වි මේ කර්මාන්තයට ප්‍රමිතිකරණයක් ගෙනඒමට තවමත් සුදානමක් නැත.
අපට අසන්නට වන්නේ එවන් ප්‍රමිතිකරණයක් මෙම කර්මාන්තයට හදුන්වා දිමට තවත් මළමිනි කියක් නම් අවැසිද යන්නයි.ginikeli