ගින්නක් ඉක්මනින් මැඩපැවැත්විමට මීගමුවේ ගිනි නිවන හමුදාවට පුළුවන්ද .?

0
314

මීගමුව බස්නැවතුම් පළ ඉදිරිපිට තෙමහල් ගොඩනැගිල්ලක 2014 ජුලි 18 වනදා රාත්‍රියේ හටගත් ගින්න මැඩපැවැත්විමට මීගමුව ගිනි නිවන ඒකකය කටයුතු කළ අයුරු දෙනෝ දාහක් දෙනා බලා සිටියහ.
ඒ සියල්ලගේ ප්‍රධාන නිරික්ෂණය වුයේ මැඩපැවැත්විමේ කටයුත්තේ ඇති වෘත්තියනිපුණභාවය පිළිබදවය.
මුලින්ම පැමිණි රථ දෙක ගොඩනැගිල්ලේ ඉදිරිපස සහ පිටපස සිට ක්‍රියාත්මක වුවද එහි වතුරු විදිනයේ බලය ඇවිල යන ගින්න පාලනය කිරිමට කිසිසෙත්ම ප්‍රමාණවත් වුයේ නැත.
දොඹකරයක් වැන්නක් සහිත රථයක් පැමිණියේ පලමු රථ දෙක පැමිණ පැය භායකටත් පසුවය.ඉන් අනතුරුව එම රථය තාක්ෂණික ලෙසින් හසුරුවාගැනිමට ගත් කාලය ගැනද සිද්ධිය සියැසින් බලා සිටි බොහොමයක් දෙනා සිය නොසතුට පළකර සිටියේය.
කෙසේ වෙතත් මීගමුවේ ඉදිවෙමින් ඇති තට්ටු ගොඩනැගිලි වල මෙවැනි ගින්නක් හටගත්හොත් එය වෘත්තියභාවයකින් මැඩපවත්වන්නේ කෙසේද යන්න මීගමුවේ ගිනිනිවන භටයෝ දැන්වත් ඉගෙන ගත යුතුව ඇත.811