ගිනි නිවන ඒකකයේ කැබ් ඒකෙන් සිමෙන්ති ඇදලා.. ?

0
177

මිගමුව යනු නීති විරෝධි කටයුතු සිදුකරගෙන යන ලංකාවේ ප්‍රධානම නගරය වනවා කිසිදු සැකයක් නැත. දේශපාලන පවුලකට නතුවුන නගර පාලනයට ඒජාපයේ මිගමු සංවිධාවක ඇතුළු විපක්ෂයේ නඩයකද පුර්ණ සහය ලැබෙන නිසා දුෂණ වංචා මේ වන විට ඉහවහා යමින් තිබේ.
මිගමුවේ ගිනි නිවන ඒකකය යනු දුෂණ ගුහාවක් බවට පත්වු ප්‍රධානතම ආයතනයකි. දේශපාලන හෙංචයියෙක් බවට පත්ව සිටින එහි ලොක්ක පසුගියදා සිය නිවසට සිමෙන්ති කොට්ට 4 ක් ඇදගැනිමටද ගිනි නිවන ඒකකයේ කැබ් රථය යොදා ගෙන තිබුණි.
ආයතනය තුල මත්පැන් සාදයක් පැවැත්විමට කටයුතු කළ ආයතන ප්‍රධානියෙකු යනු රට කපටියෙකි. මිගමුවේ ගිනි නිවිම කෙසේ වෙතත් දැන් එය පවතින්නේ දේශාපලකයන්ගේ උවමනා ඒපාකම් පිරිමහන සහ හොද හැටි කණ බොන තැනක් ලෙසය.
මේ වන විට ඒහි සේවය කරන අයගෙන් හරි අඩකට කොරෝනා වැළදි ඇත්තේද ඒහි පවතින මජර පාලනය නිසා ඒහි සේවකයෝම කියා සිටිති.