ගිනි නිවන භටයන් ලවා නගරය පිරිසිදු කරන මීගමුවේ ගිනි නිවන ලොක්කා !

0
232

(3.00 pm ) ගිනි නිවන ඒකකයක් යම් නගරයක ස්ථාපනය කරන්නේ එම ප්‍රදේශයේ හා අවට ප්‍රදේශයන්ගේ ඇතිවන ගිනි ගැනීමේ සිදුවීම් වලට ක්ෂණික මැදිහත්වීමක් සිදුකර එම ගිනි පාලනය කර හානිය අවම කිරීමේ කටයුතු සදහාය. එම නිලධාරීන් පුහුණු කරන්නේද රජයෙන් ඔවුන්ට වැටුප් ගෙවන්නේද ඒ සදහාය.

නමුත් මීගමුව ගිනි නිවන ඒකකයේ ප්‍රධානීයා මීගමුව ගිනි නිවන ඒකකයේ ගිනි නිවන භටයින් යොදා ගන්නේ ගිනි නිවන්නට පමණක් නොවන බව පසුයදා අපගේ මාධ්‍යවේදීයෙකුගේ කැමරා කාචයේ සටහන් විය. ඒ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ලවා මාර්ග දෙපස ඇති බැනර් ගලවන අවස්ථාවක්ය.
එය මෙම නිලධාරීන්ට අයිති කටයුත්තක් නොවන අතර එම කාර්යය නගරසභාව විසින් එහි කම්කරුවන් ලවා සිදුකර ගත යුත්තකි. නමුත් මීගමුව ගිනි නිවන ඒකකයේ ප්‍රධානියා මීගමුව නගර සභාවේ නගරාධිපතිගෙන් ලකුණු දමා ගැනීමට තමන් යටතේ සිටින නිලධාරීන් හිතුමතේ මෙවැනි ක්‍රියාවන් සදහා යොදවන්නේය. ඒ ගිනි නිවීමේ රථයක්ද සමගින්ය.

ගිනි1

සිය ගිනි නිවන භටයන් ලවා නගරසභා කම්කරුවන්ගේ වගකීම් ඉටුකරන මීගමුව ගිනි නිවන ඒකකයේ ප්‍රධානීතුමා අවම වශයෙන් සිය රාජකාරියවත් නිසි ලෙස ඉටු කරන්නෙක් නොවන බව මීගමුව අවට සැරිසරන ඕනෑම කෙනෙකුට දැක ගත හැකිය.
ගිනි භටයන් ලවා බැනර් කැපිම් වැනි බාල වැඩවලට අමතරව නගරාධිපතිගේ ව්‍යාපෘති වැඩසටහන් වන නගරයේ වවා ඇති ගස්වලට වතුර දැමිමට පවා ගිනි භටයන් මෙන්ම ගිනි නිවන රථ යොදාගත් අවස්ථාවන්දට එමටය.
මේ සකලාකාර නගරාධිපති දයාන් ලංසාය ගැතිනම් කරන මේ තැනැත්තා මුළු මිගමුවේම ප්‍රසිද්ධිව ඇත්තේ  ගිනි සමන් ලෙසින්ය. වරක් මේ ගිනි සමන් නගරාධිපති සංවිධානය කරන ලද පාපාදි තරගයකදි ක්‍රිඩකයන්ට වතුර ඉසිමට ගිනි නිවන රථ යෙදු අවස්ථාවන්ද වේ.
රජයෙන් ලබාදෙන නිල ඇදුම් රෙදි හා නිල ඇදුම මසනවාට ලබාදෙන කුලියද,සපත්තු දෙකද ලබාගන්නා මොහු සැමදා උදෑසන රාජකාරී සදහා වාර්තා කරන්නේ බාටා දෙකකින් හා ටී ෂර්ටයකින් සැරසීය.
නිල ඇදුම ඇද රාජකාරියට පැමිණීම ඔහුට අකැපය.
ඔහුට ලබාදුන් නිල ඇදුමට හෝ සපත්තු දෙකට හෝ ඔහු ඒ සදහා රජයෙන් ලබාගන්නා කුලියට කුමක්වනවාද දන්නේ ඔහු පමණි.
සිය රාජකාරී දිනයේදී සවස 3 හෝ 4 වන විට රාජකාරී ස්ථානයෙන් පිටත්වන මොහු නවතින්නේ කුරණ ප්‍රදේශයේ අවන්හල් වලය.
සිය රාජකාරී වේලාවේදීත් ගිනි ගිවන ඒකකයේ රාජකාරී නොකරන මොහු නාගරාධිපති දායන් ලංසාගේ අසල දැවටෙමින් නගරය වටා යමින් බැනර් හොයා හොයා ඇවිදීම පුරුද්දක් කර ගෙන සිටියි.
ඒ නිසාම ඇතැමුන් මොහු හදුන්වන්නේ ” බැනර් විජේ” යන අන්වර්ත නාමයෙනි.
දයාන් ලංසා යම් කාර්යයක් සිදුකරන්නේ නම් ගිනි ගිවන ඒකකයේ ප්‍රධානියද ඒ අසලින් සොයාගැනීම අපහසු කටයුත්තක් නොවේ.

මීගමුව ගිනි නිවන ඒකකයේ ප්‍රධානියා නගාරධිපති දයාන් ලංසා සමග