ගිය නත්තලේ අපිත් එක්ක සිංදු කියපු ඔහු මෙදා පාර නෑ…

0
111

පහුගිය දිනක ඉතාමත් අනුවේදනිය අත්දැකිමට මුහුණ දෙන්නට මට සිදු විය. මිතුරන් පිරිසක් අතරේ වාර්ෂිකව සංවිධානය කෙරෙන නත්තල් සුහද හමුවක විඩියෝ පටයක් නරඹන්නට මටද අවස්ථාව හිමිවිය.
ඒ ගිය වසරේ ඔවුන් ගේ සුහද හමුවයි.
එහි මහත් උද්යෝගයෙන් ගීත ගායනා කරමින් සිටි අයෙක් වෙයි.
විවිධ වෘත්තින්වලනියැලි සිටි ඔහු පසුව තිරණය කරන්නේ බෝට්ටුවක් මගින් හෝ ඕස්ට්‍රේලියාවට ගොස් ජිවිතය සරිකරගන්නටය.

දැන් ඔහු බොදව ගිය සිය ඕස්ට්‍රේලියානු සිහිනයට වන්දි ගෙවමින් මාස 5 ක් පමණ ගෙවන්නේ මීගමුව බන්ධනාගාරය තුලය.
ඔහු නිදහස් කර ගැනිමට ඔහුගේ සමිපතයන් අතරේ කෙරුන සහෘද කථා බහකටද සවන්දිමට හැකිවිය.
මේ සියළු මිතුරන් නත්තලට පෙර ඔහුව නිදහස් කරගැනිමට මිළ මුදල් පවා එකතු කරගන්නට සැලසුම් සකස් කර ගත්තද ඉන් එහා ගිය ලක්ෂ ගණනක වත්කම් සහතික පිළිබදව ප්‍රශ්ණය ඔවුන්ගේ සියළු බලපොරොත්තු සුනු විසුනු කර ඇත.