ගිලන් රථයක් නයිනමඩමේදී ත්‍රීරෝද රථයක ගැටේ.

0
102

යාපනයේ රෝහලකට අයත් ගිලන් රථයක් රෝගියෙකු කොළඹ සිට යාපනයට ගෙන යමින් සිටියදි නයිනමඩම ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක ගැටි ත්‍රිරෝද රථයේ සිටි තිදෙනෙකුත් තුවාල ලබා එම ගිලන් රථයෙන්ම රෝහලට ගෙනගොස් ඇති බව වෙන්නප්පුව පොලිස් රථවාහන අංශය පවසයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ අබාධිත විශ්‍රමික හමුදා නිලයක් දැරු අයෙකු පදවාගෙන පැමිණි ත්‍රිරෝද රථයේ සිටි අඹුසැමි යුවලක් හා එම රියදුරා බව පොලිසිය කීය. ගිලන් රථය වෙනත් වාහනයක් ඉස්සර කිරිමට යාමේදි විරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටි මෙම අනතුර වි ඇති බවත් තුවාල ලබා සිටි පුද්ගලයන් මාරවිල රෝහලට ඇතුල් කර යාපනයේ රෝගියා වෙනත් ගිලන් රථයකට මාරුකර යාපනය රෝහලට යවා ගිලන් රථය හා එහි රියදුරාව අත් අඩංගුවට ගත්බව පොලිසිය කීය.අනතුරින් තුවාල ලබා සිටින විශ්‍රමික ආබාධිත සෙබලාට මෙම ත්‍රිරෝද රථය පැදවීමට වලංගු අවසර පත්‍රයක්ද නොතිබු බව පොලිසිය පවසයි. වෙන්නප්පුව පොලිස් රථවාහන අංශයේ 68337 ප්‍රනාන්දු 68525 කුමාර යන නිළධාරින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

නයිනමඩම

නයිනමඩ

 

ඡායාරෑප හා සටහන – චන්දන ප්‍රනාන්දු.