ජිවිතය අතිශයින් කෙටි හා විචිත්‍රවත් තිළිණයක් බැවින් පමා විය නොහැක. අසිරිමත් මිනිසා බෙදා වෙන් කරන සකල විද බෙදීම් ප්‍රතික්ෂේප කරමින් කලාව දේශපාලනය හා ජිවිතය එකක්ම වු සිරිමත් අරගල කරුවෙකු සමග නිමේශය පවා සොම්නසට කරුණක් නොවේද…




ජුලි 24 එකමුතුව විසින් සංවිධානය කරන ලද ගුනසේන විජේසිංහ සහෘදයා ඇගයීමේ උළෙලට සහභාගි වීම සැබැවින්ම මහත් භාග්‍යයකි.
සොනාලි රයන් විටින් විට සිහි කැදවිම් කළාය. ජයතිලක බණ්ඩාර අයියන්ඩි ද සුපුරුදු සහෝදරත්වයෙන් ඇරයුම් කළේය.
ඒ හින්දා විතරක් නොව ජිවිතයම පොදු ජන අරගල උදෙසා කැප කළ සැබෑ මිනිසෙකු බැහැ දකින්නට මමද නොඉවසිලිමත් වුයෙමි.




අනුරාධපුරයට යාමද මට ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙයින් අලුයම තුනට අවදිව ළිප ගින්දරේ දැවුනෙමි. මගේ ගමන් සගයන් වු චුටි පුතාටත් රමේෂ් පුතාටත් ස්තුතියි …
අනුරාධපුර පොල ඉදිරිපිට ප්‍රජා ශාලාව තුළ එක් රැස්,වු පිරිස කෘතවේදිත්වය සමග පළ කළ සෙනෙහස කොතෙක් අගෙයිද….ආදරනියයන් අතරේ අපේ රංජිත් රූපසිංහයන් මෙන්ම තවත් සහෘද සුලවත් හදවත් රැසක් දිදුලන අයුරු දුටිමි.









ඇස කදුලු නංවන තරමට අනුවේදනීය දසුනක්..!.අපේ වීරයාගේ දියණිය එතෙර සිට පැමිණ සිටියාය..දියණිය ද මිනිබිරියන් ද විසින් වැළදගත් ගුනසේන විජේසිංහයන් සතුටු කදුලු,වැගුරුවා නිසැකය.
තාත්තලා දුවලා අතර ආදරයේ අරුමැසි බව ආගන්තුක නොවු අප කොයි කවුරුත් කදුලු පිස ගත්තා විය යුතුය .
ගුනසේන විජේසිංහයන් පිලිබදව දෙසුම් පැවැත්වු ප්‍රවිණ හා සම්මානනීය ලේඛක පි.බි.ජයසේකර…. ප්‍රියන්ත ප්‍රනාන්දු …ජෝසප් ස්ටාලින්.. ලංකාපේලි…ප්‍රභාත් වරුසමාන්න…ටෙරන්ස් ගාමිණී සහෝදර සහෘදයන් මෙන්ම ගීත ගායනා කළ අපේ වීදියේ ගායක ජයතිලක බණ්ඩාර අයියන්ඩි ද අපමණ ගෞරවාදරයෙන් සිහිපත් කරමි.
උත්සව සභාව මෙහෙයවු අපේ ආදරනිය අතුල ඒකනායක අයියන්ඩි ද මෙකී සත් කාර්යයයේ නියමුවෙකි.
ජිවතුන් අතර සිටියදි මිසක ජිවිතයෙන් සමුගත් පසු සිදු කෙරෙන උපහාර ඇගයීම් ඒ හැටි පලක් නැතැයි නොසිතෙන්නේද….මරනයෙන් පසුද ජිවත් වන ආදරනියයන් අප අතර සිටින බව ඇත්තයි.නමුත් හද පණ නල තිබියදි පුදන උපහාරය…කෙරෙන ඇගයිම ඒ හදවත සොම්නසින් පුරවාලන බව අප නිබද සිහි තබා ගත යුතු නැද්ද….අනෙක් අතට වියපත් වුවන් දැහැටි දඩු,මෙන් පසෙකට නොදා දිගු දිවි ගමන් මග අනේක අත්දැකිම් මිණි මුතු තරමට අගනා බව අපට සිතිය හැකි නම් කොතරම් අපුරුද…
විශ්විය ප්‍රේමනිය ලොවක් උදෙසා ජිවිතයට ආදරය කැන්දු සොදුරු මිනිසාට පිදු උපහාරය අප සියලු දෙනා විසින් අගය කළ යුතුය. එවන් ඇගයිම් උදෙසා නිස්සෝ අප අතර තවත් සිටින බවද අමතක නොකරමු..
ජුලි 24 එකමුතුවට සිරස නමා ආචාර කරමි.
ගුනසේන විජේසිංහයන්ට නිදුක් නිරෝගි සුවය පතමි.විප්ලවිය හදවතක උනුසුම වෙනුවෙන් සෙවනැල්ලක් වන් සදාදර පතිනියටද දෙදරුවන්ටද ස්තුතියි ….
(ශාන්ති දිසානායකගේ ෆේස්බුක් පිටුවෙනි)
ගුනසේන විජේසිංහ උපහාර උළෙල
අනුරාධපුර
ඡායාරූපය : සොනාලි රයන්
2023.11.11.