ගුන්ඩුස්ගේ විප්ලවය..

0
137

tksim 1
ස්ථාන්බුල් නගරය මධ්‍යයේ පිහිටි ගේසි උද්‍යානය එහි එකම හරිතගාරයයි. ගස්කොලන් වල හෙබි මේ උද්‍යානය විනාශ කර දමා මහල් ගණනාවක සුපිරි වෙළද සංකිර්ණයක් ඉදිකිරිමට රජය ගත් තිරණයට එරෙහිව දහස් ගණන් ජනයා ගේසි උද්‍යානයට පැමිණ නිර්මාණශීලි අරගලයක් දියත් කර තිබුණි.
එහෙත් බලහත්කාරයෙන් මේ උද්‍යානයට කඩා පනින ලද පොලිස් කැරලි මර්ධන ඒකකය විසින් අති බිහිසුනු ලෙසින් විරෝධතාකරුවන් හට පහර දි ඔවුන් ව එම ස්ථානයෙන් පලවා හැර තිබුණි.
රජය කල්පනා කරන්නට ඇත්තේ දින 20 පුරා පැවැති විරෝධතාවය අවසන් කිරිමට මෙලෙස හැකිවුවා  කියාය.
එහෙත් මෙසේ විසිර ගිය ජනයා අතරින් මතුවු තරුණයෙක් පසුගිය සදුදා ගේස් උද්‍යානය ඉදිරිපිට පිහිටි තක්ෂිම් චතුරශ්‍රයට පැමිණි අත් පිටුපසට දමා සිරුවෙන් එක දිගට පැය ගණනාවක් හිටගෙන සිටියේය.
පසුව මේ පණිවිඩය සමාජ මාධ්‍යයෙන් ඔස්සේ රටපුරා ගලා යාමත් සමගින් මේ තරුණයාගේ ක්‍රියාකාරිත්වය හා එක්වන්නට දහස් ගණන් ජනයා තක්සිම් චතුරශ්‍රයට පැමිණියේය.
මේ සටහන තැබෙන මොහොතේත් දැඩි අව් රශ්මිය නොතකා මේ නිහඩ විරෝධතාවය ක්‍රියාත්මකය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ දිනෙන් දිනම විවිධ ආකාරයේ නිර්මාණශිලි දායකත්වයන් ඔස්සේ මෙය පැතිරෙමින් යන අකාරයයි.
2013 ජුනි 20 වනදා රාත්‍රියේද  එහි ගිය අපට දැකගත හැකිවුයේ සිය රාජකාරි නිමවා එහි පැමිණ නිහඩ විරෝධතාවයේ යෙදෙන පිරිස්ය.
මෙහිදි අපට හමුවු එක් තරුණියක් පවසා සිටියේ ඇය ඒ අසල ඇති තවත් උද්‍යානයක මෙලෙසින්ම ක්‍රියාත්මකව ඇති නිහඩ ක්‍රියාකාරිත්වයට සම්බන්ධව සිට මෙතෙනටද පැමිණි බවය.
එහිදි අප ඇස ගැටණු විශේෂ දෙයක් විය. එනම් සපත්තු යුවලවල් කිපයකි. එන් එක් සපත්තුවක මත මලක්ද තබා තිබණි.
එ පිළිබදවව අප මේ තරුණියගෙන් විමසා සිටි අවස්ථාවේදි ඇය කියා සිටියේ මෙම විරෝධතාවයට පැමිණි ඇතැම් අය තමන්ගේ කටයුතු වලට සහභාගිවිම සදහා නික්ම ගියද තමන්ව නියෝජනය කිරිම පිණිස මෙසේ ඔවුන්ගේ සපත්තු තබා ගොස් ඇති බවය.
තමන්ගේ අරමුණ ඉටුවන තෙක් මේ නිහඩ විරෝධය ක්‍රියාත්මක වන බවත් ඒ සදහා තුර්කියේ අනෙකුත් නගර වලද මෙවැනිම නිහඩ විරෝධතා ක්‍රියාත්මක බවත් ඇය තවුදරටත් පවසා සිටියාය.
තවත් වසරකින් එරට පැවැත්විමට නියමිත මැතිවරණය දක්වා විවිධ මුහුණුවර ගනිමින් මෙය ක්‍රියාත්මක වෙතැයි තමන් විශ්වාස කරන බවද ඇය අවධාරණය කර සිටියාය.
තක්ෂිම් චතුරශ්‍ර භූමියේ බිම හිදගෙන සිටි තරුණියක් අත වු කුඩා පොස්ටරයක සදහන් වු තිබුනේ ‘‘අපගේ පැවැත්ම නොඉවසන්නේ නම් අරගලය බලාපොරොත්තු වන්න“ යැයි කියාය.
ගුණ්ඩුස් නම් තරුණයාගේ නිර්භිත සිහිනය අද මුළු තුර්කිය පුරා නව අරගල මාවතක් විවර කරදෙමින් පාලකයන්ගේ හට  මහත් වු අභියෝගයක් මුදා හැර තිබේ.


සටහන – ප්‍රෙඩී ගමගේ