ගුරුෙග් හොරෙන් බෝට්ටු පැද, මන්ත්‍රිවරයෙක්ගේ අතටම අහුවෙලා.

0
44

මීගමුව මහනගර සභාවේ හැමිල්ටන්  ඇල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරුන තොටුපල සහ එහි සියළු පහසුකම් යොදාගෙන ගුරුගේ නම් වු කෝටිපති ව්‍යාපාරිකයාගේ  මීගමුව කලපුවේ බෝට්ටු සවාරි වැඩපිළිවෙල හොරෙන්ම කරගෙන යන බව මීපුරට අනාවරණය කර සිටියේ විපක්ෂයේ මන්ත්‍රිවරයෙකි.
දිනක් ඔහු ඒ ස්ථානයට ගොස් මේ පිළිබදව විමසා සිටියදි ගුරුගේ ව්‍යාපාරිකයාගේ සේවකයෙකු විසින් පවසා තිබුනේ තමන් මේ සදහා මුදලක් ගෙවන බවය. එහෙත් එය ගෙවන්නේ නගර සභාවට නම් නොවන බව ආදාල මන්ත්‍රිවරයා අපට පවසා සිටියේය.
මාස 6 ක තාවකාලික පදනමක් සදහා හැමිල්ටන් ඇලේ බෝට්ටු සවාරි යන්නට මේ ව්‍යාපාරිකයාකට ඉඩ දි තිබුනද අදාල කාල සිමාවෙන් පසු එය දිර්ඝ කෙරුනේ නැත.
අප මීට කලින්ද මතු කළ අන්දමට මීගමුවට ලැබෙන විදේශාධාර වලින් නගර සභාවට මුදල් උපයාගැනිමට  නොහැකිව ඇත්තේ එහි ප්‍රථිලාභ වෙනත් අය ලබන නිසාවෙනි.