ගුරු උපදේශක අධීක්ෂණයට නවීන තාක්ෂණය යොදා ගැනේ

0
910

පාසල් වල විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ හා ශිෂ්‍යන්ගේ  ගණාත්මක වර්ධනය සඳහා  ඉවහල් වන පරිදි ගුරු උපදේශකරුන්ගේ පාසල් අධීක්ෂණය සදහා අවශ්‍ය නව තාක්ෂනික පහසුකම්  නැංවීමක් පසුගිය කාලයේ   අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවිය. පාසල් තුළ සිදුකෙරෙන පරීක්ෂණ වඩාත් පළදායි ලෙස සිදුකිරීමට උපකාරි වන තාක්ෂණීක උපකරණ වන  කැසට්, රෙකෝඩර්, කැමරා, ලැප්ටොප්  ආදී පහසුකම් අධ්‍යාපන  කලාප වලට ලබාදී දී තිබුණි. මේ නව ක්‍රමවේද යටතේ  මීගමුව කොට්ඨාශය මගින්   පාසල් තුළ සිදුකළ ගුරු උපදේශක වරුන්ගේ කණ්ඩායම් අධීක්ෂණය වඩාත් සංවර්ධනාත්මක ලෙස සිදුකර ඇති බවට එම ක්ෂේත්‍රයෙන් වාර්තා වේ.  මේ වන විට මෙම නව ක්‍රමවේද යටතේ සිදුකළ  මෙම ගුරු උපදේශක පරීක්ෂණය අතරින් මීගමුව කොට්ඨාශය ඉදිරියෙන්ම සිටින බවත් වාරතා වෙයි.  මීගමුව අධ්‍යාපන  කොට්ඨාශය අධ්‍යක්ෂකවරයාගේ මූලිකත්වයෙන් හා මගපෙන්වීමෙන් මෙම පරීක්ෂණය  මෙහෙය වී ඇත.
ගුරු උපදේශකවරු පාසලකට ගොස්  එම පාසලේ විදුහල්පතිවරයාගේ , ගුරුවරුන්ගේ ඉගැන්වීම්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ  හැසිරීම්,විණය , පාසල් පරිසරය, ගිණුම් ,ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ආකාරය, සිසුන්ගේ  පොත්   පරික්ෂාව, ආදී දේ පරීක්ෂාවට ලක් කරයි. මෙම පරීක්ෂණය සාමාන්‍යයෙන් පාසල් දිනයක  උදේ  7.00 සිට දවල්  12 දක්වා සිදුකෙරෙන අතර පසුව  පරීක්ෂණයෙන් පසු වාර්තාවක් සැකසෙන අතර එය  දහවල් 12.30 සිට 1.30 දකවා පැවැත්වෙන සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙයි. එමෙන්ම එම වාර්තාව බස්නාහිර පළාතේ උසස් අධ්‍යාපන නිලධාරීන්ගේ අවධානයට ලක්වේ.   එම සමාලෝචන රැස්වීමට , පෙරවරුවේදී  ගුරු උපදේශකවරුන්ගේ පරීක්ෂන හා නිරීක්ෂණ මගින් සකස් කර ගන්නා වාර්තාත් උපයෝගී කරගන්නා  අතර එම ඇගයුම් වාර්තා හා ලියවිලි පෝෂණය කර ගැනීමට ඉහත කී තාක්ෂණික උපකරණ මගින් දුටු දෑ , ඇසූ දේ එක්කර තිබීම ද මෙම සමාලෝචන රැස්වීම වඩාත් පළදායී කර ගැනීමට  උපකාරී  වේ. උදාහරණයක් ලෙස ගුරුවරුන් අතින් සිදුවන සුළු අඩුපාඩු ලෙස සිසුන්ගේ පොත් වල නිවැරදි දේට වැරදි දැමීම්, පොත් පරීක්ෂාවන් අතපසුවීම්, පන්තියේ උගන්වන විට ගුරුවරයාගේ නිවැරදි ඉරියව්, මෙන්ම ගුරුවර ගුරුවරියන්ගේ  ඇදුම් ,ආදිය මෙන්ම පන්ති කාමර වල සැකසුම  , පාසලේ ඩෙංගු මදුරුවන් පිළිබද තත්ත්වයන්, පාසලේ භෞතික පරිසරයේ ඇති පහසුකම් මෙන්ම ආරක්ෂාව, අනතුරුදායක බව මේ සියල්ල ගුරු උපදේශකවරුන්ගේ පරීක්ෂාවට ලක්වේ.
මේ ආකාරයට පසුගිය කාලයේ  ගුරු උපදේශකවරුන්ගේ කණ්ඩයම් පරීක්ෂණ මීගමුව කොට්ඨාහයේ පාසල් ගණනාවකම සිදුකර ඇති අතර එවායිදී හමුවූ ගැටළු සහ හොද දේ ඡායාරෑප සහිතව වඩාත් ගුණාත්මක ලෙස සිදුකර ඇත. මේ දිස්වන්නේ ඒත්තුකාල පාසලේ සිදකළ ගුරු උපදේශකවරුන්ගේ පරීක්ෂණය හා එම සමාලෝචන රැස්වීම කොට්ටාශ අධ්‍යක්ෂ පී.සී.ටී ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් සිදුකළ අවස්ථාවකි.
IMG_20130704_131421(1)
ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන්