ගුවන්තොටේ ආරක්ෂක නිළධාරින්ගෙන් විදෙස් කතකට තිරිසන් ප්‍රතිචාරයක් ?

0
99

airport-123_0( 3.45 pm ) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂක අංශයේ නිලධාරින් මෙන්ම නිළධාරිණියන්ද පසුගිය දිනකදි   විදේස් කාන්තාවකට ඉතාමත් තිරිසන් ලෙසින් සැලකිමක් ගැන වාර්තා වි තිබුණි.
ආරාබි  හො ඉන්දියන් ජාතික කාන්තාවක් සේ සැලකිය හැකි ඇය අාගමන විගමන අංශයට නිසි පරිදි ගමන්බලපත්‍රය ලබා දි රටට ඇතුලුවිමට ආදාල සහතික කිරිම් කරගැනිමට මත්තෙන්  කෙසේ හෝ ආගමන විගමන පෝලිමෙන් පිටව ගොස් තිබියදි ආරක්ෂක අංශ විසින් ගුවන් තොටුපල පරිශ්‍රයේදි අත්අඩංගුවට තිබුණි.
ඉංග්‍රිසි භාෂාව පිළිබදව කිසිදු තේරුමක් නැති ඇයට උදව් කිරිමට සහ අවැසි රාජකාරිමය කටයුතු කිරිමට අදාල නිළධාරින් විසින් කරන්නට ගිය සියළු උත්සාහන් වලදි ඇය ඇගේ භාෂාවෙන් කෑගසමින් ගුවන් තොටුපල පරිශ්‍රයේදි බිම දිගාවි සිට ඇත.
පසුව ක්‍රියාත්මක වු ආරක්ෂක නිළධාරිනයන් පිරිසක් ඇගේ කකුල් දෙකෙන් සහ අත්වලින් සතෙකු කුදාලාගෙන යන අයුරින් ගෙනයාමට ගත් උත්සාහය එහි සිටි කිපදෙනෙකුගේම මවිතයට ලක්ව තිබුණි.මෙකි ආරක්ෂක නිළධාරිනියන් එසේ කරන ලෙසට අණ ලැබි තිබුනේ එහි සිටි ජේෂ්ඨ ආරක්ෂක අංශ නිළධාරියෙකුගේ නියෝග මත බවද සැලය.
අදාල නිළධාරින් එයිට වඩා වෘත්තිය ආකාරයකින් මේ ප්‍රශ්නය විසදාගතයුතුව තිබුණ බව එහි සිටි විදේශිය ගුවන් මගියෙකු  මාධ්‍ය වෙත කියා  තිබුණි.
පසුගිය 24 වනදා පෙරවරුවේ මේ සිදුවිම ගුවන් තොටුපලෙන් වාර්තා වි තිබුණි.