ගුවන්තොටේ ටැක්ෂි රියදුරෝ සහ පරෙවියෝ

0
123

කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන  ටැක්ෂි රියදුරෝ පිරිසක් ඔක්තෝබර් 30 වනදා  සවස කදිරාන දේවාලයට ගොස් තිබුනේ ඔවුන් කලක් තිස්සේ පෙළන ප්‍රශ්ණයක් වෙනුවෙන් පොල් ගසන්නටය. මෙයට හේතුව වී තිබුණේ  අමාත්‍ය සරත් ගුණරත්න මහතාගේ   බෑණා විසින් ගුවන් තොටුපල සංචාරක ටැක්සි සංගමයට මෑතකදි යොදවා ඇති හයිබ්‍රිඩ් වර්ගයේ අළුත් මොටර් රථ 10 ක් විසින් දුරගමන් වාර හිතුමතේ ලබාගැනිම නිසා එකි සංගමයට අයත් සාමාජිකයන් 100 දෙනෙකු පමණ බරපතල ආර්ථික පිඩාවකට පත්ව ඇති නිසාවෙනි.
මෙම ප්‍රශ්නය මෙතෙක් විසඳී  නොමැති නිසා   පසුගිය දිනක මෙම ටැක්ෂී රියදුරන් විසින් මාරවිල කුරුස පල්ලියට ගොස් දේව කන්නලව්ක් කර එහිදී  පරෙවියන් අහසට මුදා හැර තිබුණි.
මෙම ගැටළුව විසඳීමට කිසිදු බලධාරියෙකු මෙතෙක් පියවර ගෙන නොමැති  නිසා මෙසේ  පරෙවියන් මුදාහැර දෙවියන්ට කන්නලව්  කළ බව   ඔව්හු පවසති.

ATDA-02

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here