ගුවන් තොටුපලවල් හතර සම්බන්ද කරමින් කලාපීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර

0
92

image_62063a2c93

කටුනායක, මත්තල, රත්මලාන සහ මඩකලපුව යන ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කෙරෙමින් කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (05) පැවසීය. ඒ පලාලි ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙම ගුවන් තොටුපලවල් ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් ලෙස සංවර්ධණය කෙරෙන බවත් පලාලි සිට ඉන්දියාව දක්වා ආරම්භ කරන ගුවන් ගමන් සේවා සැපයීමේදී දේශීය මූල සමාගම්වලට ඉහළ පුමුඛතාවක් ලබා දෙන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.