ගුවන් තොටුපොළ අවට සරුංගල් යවපු කාලේ දැන් ඉවරයි ! අහුඋනොත් නඩු !

0
193

image 327fb637ea

ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර ඇති බව ada.lk වෙබ් අඩවිය වාර්ථා කර සිටි.
තවදුරටත් එහි සදහන් වන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ මෙන්ම රත්මලාන , පලාලි , සීගිරිය , කොග්ගල ආදී අභ්‍යන්තර ගුවන් තොටුපළ වලට ද මෙය වලංගු වන බවය.

මෙම ගුවන් තොටුපළ අවට ප්‍රදේශ වල සිට ගුවනට යවනු ලබන සරුංගල් සහ ඒවායේ නූල් ගුවන් යානා වල අවර පෙති වල, ජෙට් ඇන්ජින් වල සහ අනෙකුත් විවිධ කොටස් වල පැටලීමෙන් සහ ගැටීමෙන් එම ගුවන් යානා වලට හානි සිදු වී ගුවන් අනතුරු ද ඇති විය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දි තිබේ.
මීට වසර කිහිපයකට පෙර විශේෂයෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිමාව තුල තට්ටු ගොඩනැගිලි ඉදිකිරිමේදි සිමා පණවමින් තැනිය හැකි තට්ටු ගණනද දක්වා තිබුණි. කෙසේ වෙතත් ඒ නිතිය දැන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.
මුලාශ්‍රය- ada.lk

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here