ගුවන් තොටේ ටැක්සි ව්‍යාපාරයෙන් සරත් ගුණරත්න ඉවතට ?

0
102

sarathකටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ  කුලි රථ සේවාවන් හිදි එවායේ පාලනයට වැඩි බලපෑමක් සිදුකළ හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා මැදිහත්විම මේ වන විට පහව ගොස් ඇතැයි වාර්ථා වේ.
මතුව තිබුන අර්බුදයට මැදිහත්ව ඇති වත්තල එජාප ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් අමරතුංග මහතා විසින් ශ්‍රිලනිප  සහ එජාප ක්‍රියාකාරින්ද ඇතුළත් අළුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර ඇතැයිද වාර්ථා වේ.
මේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් විශේෂයෙන්ම සංචාරක රථ සේවා වැඩපිළිවෙල මෙහෙයුවිමට නියමිතය.
මීට පෙර ඒ සියල්ල පාලනය කිරිම සදහා වැඩි මැදිහත්විමක් සිදුකර තිබුනේ හිටපු ඇමතිවරයා විසිනි.
කෙසේ වෙතත් ගුවන්තොටේ කුලිරථ සේවාව බලහත්කාරයෙන් අයිතිකරගැනිමට පළාත් සභා මන්ත්‍රිනි රෝස් ප්‍රනාන්දු මහත්මිය ගෙන ගියා යැයි කියන මැර මෙහෙයුම දැන් පරාජයට පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here