ගුවන් තොටේ පතාල කල්ලිවලට අවසර – මාධ්‍යවේදින්ට ඇතුළුවිම තහනම්

0
92

ගුවන් තොටුපොළ වාර්තාකරුවන්ට ගුවන් තොටුපොළ ට පැමිණෙන සෑම අවස්ථාවකදීම මාධ්‍ය ආයතනයෙන් ලිපියක් රැගෙන ආ යුතු බවට ගුවන් තොටුපොළ ඉහල බලධාරියෙකු කරන ලද නියෝගය නිසා සිදුව ඇති අපහසුතාව පිළිබදව වාර්තාකරුවෝ පෙබරවාරි  07 වනදා ගුවන් තොටුපොළ පොලීසියට පැමිණිලි කලහ. මාධ්‍ය නිදහස අහිමිවීම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා වීම ගුවන් තොටුපොළ ස්ථිර වාර්තාකරුවන්ගේ තමන් කැමති රැකියාවක් කිරීමේ අයිතිය මෙම තීරණය නිසා අහිමි වන බව මෙම පමිණිලි වල  සටහන් වේ
ගුවන් තොටුපොළ වාර්තාකරුවන් මෙම ගැටලුව පිළිබදව ගුවන් තොටුපොළ කළමනාකරු සමග කල සාකච්ඡාවේදී සභාපතිවරයා අවසර ලබාදෙන්නේ නම් වාර්තාකරුවන්ට සුදුසු සහනයක් ලබාදීමට සූදානම් බව ඔහු කීය.
ගුවන් තොටුපොලින් පැමිණි බවට හෝ පිටස්ත්ව ගිය බවට ජනතාව දැනගන්නවාට අකමැති ගුවන් මගීන් පිලිබද තොරතුරු මාධ්‍ය වල පලවීම නිසා ගුවන් තොටුපොළ පරිපාලනයට ඇතිවන ගැටලු වලක්වාලීම ට මෙම පියවර හෙන ඇති බව ඔහු කීය. රජයේ හා ජනතාවගේ පුවත් වාර්තාකරන මාධ්‍ය වාර්තාකරුවන්ට ගුවන් තොටුපොළේ පොදු ජනතාව රුපියල් 300ක් ගෙවා ඇතුළුවන  පිටත්වීමේ හා පැමිණීමේ පර්යන්තය මාධ්‍යට තහනම් ප්‍රදේශයක් බව ගුවන් තොටුපොළ කළමනාකරු කියයි. නමුත් ඕනෑම අපරාධ කරුවෙකුට පාතාල සාමාජිකයෙකුට ජාවාරම් කරුවෙකුට මෙම ප්‍රදේශයට රුපියල් 300ක් ගෙවා ඇතුළුවිය හැක. තීරු බදු රහිත සාප්පු වලින් වන්චනික ලෙස බාන්ඩ ගනු ලබන ජාවාරම් කරුවන් ඇතුලුවීමේ ටිකට් පත්පවා මිලට නොගෙන එම ප්‍රදේශ වලට ඇතුළු වන බව ගුවන් තොටුපොළ අබ්‍යන්තර තොරතුරු වලින් පැවසේ.
රහසිගත ලෙස  හෝ ගුවන් තොටුපොළේ වන්චා හෝ දූෂණ මාධ්‍ය මගින් වාර්තා කිරීම පිළිබදව තමනට කිසිදු ගැටලුවක් නොමැති බව පවසන ගුවන් තොටුපොළ කළමනාකරු වාර්තාකරුවන් පැමිණ කරන වාර්තා පිළිබදව පරිපාලනයට ගැටලු ඇති බව පවසයි