ගුවන් විදුලිය ඩිජිටල් වෙයි

0
108

නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදීම  ඊයේ (05) ආරම්භ විය. ඒ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව ගූගල් ප්ලේ ස්ටෝ හෝ ඇප් ස්ටෝ වෙත ගොස් මෙම යෙදවුම ජංගම දුරකථනයට බා ගත කර ගැනීම මගින් ශ්‍රාවකයන්ට මෙම අවස්ථාව හිමිවේ.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ශ්‍රි ලංකා ගුවන් විදුලි සංසථාවේ සභාපති මාලක තල්වත්ත, අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, ක්‍රියාකාරි අධ්‍යක්ෂ හෙරල් සේනාධීර යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

image_161c9e4e0d

( ඡායාරූප  උපුටාගැනීම – ලංකාදීප)