ගෙදරට පැන්න හොරාව හරියටම හදුන ගත්තා යැයි කියපු නාගරික කොමසාරිස්ට නගර සභාවේ හොරු නොපෙනුනේ ඇයි ?

0
57

theifමීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස් සුගත් සාගර මහතාගේ නිවසට හොරෙකු ඇතුලුවි රු 5000 ක් මුදලක් සොරාගෙන තිබිමට අදාලව  තමන්ගේ නිවසට පැන්න හොරාව ටක්කෙටම හදුනා ගත්තා යැයි කියමින්  ඇසින් දුටු සාක්ෂි 2 කක්ද තමන් සතුවන බව කියා දින 2 කක් පොලිස් කුඩුවේ රදවා තබාගන්නට ඔහු හපනෙකු වි තිබුණි.
ඇසින් දුටු සාක්ෂි ගැන කියු ඇස්වලින් හදුනාගෙන තිබුණේ පොලිස් කුඩුවේ ලැග්ග පුද්ගලයාමදැයි දන්නේ නාගරික කොමාසරිස්වරයා සහ ඔහුගේ බිරිඳම පමණි.
සිය නිවසේ සොරකම් සදහා මුල්වුවන් වෙනුවෙන් නිතියේ සහ පොලිසියේ සරණ උපරිම ලෙස පතමින් නිසි දඩුවම් ලබාදෙන්නට උත්සුක වන මීගමුව නාගරික කොමසාරිස් වරයාගෙන් අප ඉල්ලා සිටින්නේ සිය පරිපාලන බලධිකාරිය යටතේ හිදිමින් මහජන මුදල් දහස් ගණනින් ,ලක්ෂ ගණනින් කොල්ල කන හොරුන්වද නීතියේ රැහැනට හසුකරගන්නට උත්සුක වන ලෙසය.
ඉහල නිළධාරින්ගේද හොර අත්සන ගහමින් හොර වරිනම් වාර්ථාවක් සැකසු ලෙනාඩ් නැමැත්තා ගැන ඔබ අනිවාර්යෙන්ම ක්‍රියාත්මකවිය  යුතුය.
කුරණ වෙසෙන ඔබ නිවසට පැන්නා යැයි කියන ක්‍රිස්ටි ට වඩා ලෙනාඩ් කොයිතරම් නම් හොරෙක්දැයි තේරුම් ගැනිමට නීතිය හ පරිපාලනය ගැන දැනඋගත් ඔබට මහකජ්ජක්ද ?
අපි බලාසිටින්නෙමු.