ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගය තවත් ජිවිතයක් බිලි ගනී!

0
353
white flag against blue sky clouds fluttering wind white flag against blue sky 128399963

ගේට්ටු නැති දුම්රිය හරස් මාර්ග නිසා සිදුවන ජිවිත බිලි ගැනිම දැනටමත් නොකඩවාම සිදුවෙමින් තිබේ.
මේ අනුව ජා ඇල ප්‍රදේශයෙන් තවත් ඛේදවාචකයක් වාර්තා වේ.
ජාඇළ උතුරු කුඩහකපොළ දුම්රිය හරස් පාර හරහා තරුණ පෙම්යුවළක් ගමන් ගත් යතුරු පැදියක් දුම්රියක ගැටී තරුණිය මියගොස් තරුණාය තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙන ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබෙ

තරුණයා දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන අතර පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරියක ලෙස කටයුතු කළ තරුණියක මෙසේ මියගොස් ඇත.

මෙම තරුණ යුවළ විවාහ ගිවිස ගෙන ඇති අතර විවාහ මංගල උත්සවයට සූදානමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදු වූ බව කියන දුම්රිය හරස් මාර්ගයේ විදුලි සංඥ පුවරු තිබුණද දුම්රිය ගේට්ටුවක් නොමැති බව ප්‍රදේශවාසීහු කියති.
මුලාශ්‍රය – ලංකාදිප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here