ගොඩිගමුවේ කතකට ඇඳුම් ගලවා පහර දුන් මැරයන් නිදැල්ලේ..

0
375
wp 1658409377664
wp 1658409377696

ගොඩිගමුවේ ප්‍රදේශයේ කතකට සිය කුඩා දරුවන් ද සමගින් සිටියදි මැරයන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දි තිබේ.

9දෙනෙකුගෙන් පමණ සමන්විතවු මෙම මැර කණ්ඩායම මෙම කතගේ ඇඳුම් ගැලවිමට පවා උත්සාහ ගෙන තිබුන බවද පැවැසුනි.

පහර කෑමට ලක්වු කතගේ නිවසේ අය සහ යාබද නිවසක පිරිසක් අතර ඇතිව තිබුන ගැටුමක් සම්බන්ධයෙන් පොලිසියට ගොස් පැමිණෙමින් සිටින අතර තුරේදි පසුගිය 19 වෙනිදා සවස 5.30ට පමණ මෙම පහරදිම සිදුව තිබේ.

අමානුෂික ලෙසින් කාන්තාවකට පහර දිම බලා සිටිය නොහැකි තැන පොලිස් බුද්ධි අංශයේ සේවය කරන අසල්වැසියෙකු ඇයව බේරා ගැනිමට ගිය අවස්ථාවේදි ආදල නිලධාරියාටද මේ මැරයන් පහර දි තිබේ.

wp 1658409377744
wp 1658409377755
wp 1658409377729
wp 1658409377717

මෙම ප්‍රහාරයට විරෝධය පළකරමින් ගම්වාසින් විසින් අද සවස් වරුවේ විරෝධතාවයක්ද සංවිධානය කර තිබුනි.

wp 1658411584041

මැර පිරිසකට වයස 20 ක පමණ තරුණියක්ද අයත් බව ප්‍රදේශවාසිහු පවසති.

මේ මැර පිරිස විසින් මිට පෙරද කාන්තාවන් කිපදෙනෙකුටම පහර දිම් සිදුකර ඇතැයිද වාර්තාවේ.

මෙම මැරයන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන අතර බඩල්ගම පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නිසි උත්සාහයක් නොගැනිම ගැනද යම් චෝදනා එල්ල වෙමින් තිබේ.

විරෝධතාවයේ යෙදුන ගම්වැසියන් මිගමුව පොලිස් අධිකාරිවරයාගේ අවධානයටද බඩල්ගම පොලිස් නිලධාරින් ගැන යොමු කර ති⁣බේ.

මැර ප්‍රහාරයට ලක්වු පොලිස් බුද්ධි අංශයේ සේවය කරන අසල්වැසි නිලධාරියා විසින්ද බඩල්ගම පොලිසියට කටඋත්තරයක් ලබාදි තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here