ගොබ්බයන්ට රූපවාහිණි කැමරා ඉදිරියේ වීරයන් වෙන්නට දීම මාධ්‍ය කාර්යයද ?????

0
94
මෙරවක ඉන්ධන පිරවුම් හල
මෙරවක ඉන්ධන පිරවුම් හල

ජනමාධ්‍ය දැන් ආධාර එකතු කරන්නට පටන්ගෙන ඇත.එය යහපත්ය.ගරු කළ යුතුය.මන්ද පිළිගත් ආයතන සහ ප්‍රසිද්ධ කර තිබෙන දුරකථන අංක ඔස්සේ සහන ගලා නොඑන බවට ලැබෙන චෝදනා පළවන බැවින්ය.
නමුත් ජනමාධ්‍ය දියුණු භාවිතාවකට යන්නනම් ජනතාවට විද්‍යාත්මකව හිතන්නට ආධාර කළ යුතුය.නමුත් දිනපතා නක්ශාස්ත්‍රකරුවන් ගෙන්වා ඔවුන්ට සහ තමන්ට අදාළ දේශපාලන න්‍යාය පත්‍ර සමාජ ගත කිරීම නොකඩවා කරයි.අන්ධ විශ්වාසයන්ගෙන් යුත් ජාතියක් පෝෂණ්‍ය කරන්නට පෙළැඹෙයි.අනතුරුව අනතුරකදී විද්වතුන් කැඳවා විද්‍යාත්මකව කරුණු වටහා දෙන විට සියල්ල සිඳු වී අහවරය.
ජනතාවගෙන් ආධාර ලබා ගෙන ආධාර දෙන ආකාරයටම සමහර චැනල්වලට ගොඩ වෙන මංකොල්ලකාරී අන්ධ විශ්වාස පතුරවන්නන්ටද ජනතාව කොල්ලකන්න අවශ්‍යය දේ ලබා දෙන්නේ ජනමාධ්‍ය බව සිතෙන විට දුකය.
මේ හැරෙන්නට මොහොත බව සිතා මින් අනතුරුව හෝ නක්ශස්ත්‍රකරුවන්ගේ වෙලාව විද්‍යාණුකූල කතිකාවක් වෙනුවෙන් වැය කරන්නට උත්සාහ කළ හැකිනම් අපූරුය.මුල මොහොත අසාර්ථක විය හැකිය.නමුත් ගෙදර සිටින ගෘහණිය ටිකෙන් ටික ඒවා නරඹන්නට පටන් ගන්නවා ඇත.අවබෝධ කර ගන්නට පටන් ගන්නවා ඇත.තමන්ගේ කණකර උගසට තබා අන්ධ විශ්වාසකරුවන්ගේ ගිණුම් තර කරන්නට නොයනවා ඇත.
එසේම අප අසාර්ථක බව කියන විට මාධ්‍යයද එය යම් තරමකට භාරගත යුතුය.රජයට මේ කළමණාකරනය විවේචනය කරන සංවාදය ඇති වන්නේම සිදුවමකදීය.මාධ්‍ය අරගලය එක දිගට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන හැටි ගැන සහ ඒ සම්බන්ධයෙන් ජනතාව පොළඹවන ආකාරයේ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක විය යුතුය.
ඉකුත් වසරේ මහා විපතක් කර වැසිජලය මුහුදට පැන්නේය.මෙවරත් එහෙමය.ලංකාවෙ කොතැනකට හෝ වසරකදී එක වතාවක් හෝ ගංවතුර ගැලීම අනිවාර්ය බව නොරහසකි.මේ වතුර ටික රට වෙනුවෙන් කලමණාකරනය කර ඉතිරි කර ගන්නට වැඩ පිළිවෙලක් ගැන තවමත් හිතා නැත.එහි වැදගත්කම මතුවන්නේ මේ මොහොතේත් ලංකාවේ ඇතැම් ප්‍රදේශවල බීමට දිය පොදක් නැති පිරිස් වෙසෙන බැවින්ය.
මේ සියල්ල සිද්ධවෙන්නේ විපත් වැඩිවන්නේ නැකත් වැරදීම වැනි කතා කියමින් ගොබ්බයන්ට රූපවාහිණි කැමරා ඉදිරියේ වීරයන් වෙන්නට දීම මාධ්‍ය කාර්යය කර නොගන්නේනම් අපූරුය.සමාජජාලාවල සිටින අැතැම්හූ ද තණපතක හෝ එල්ලී බලයනම් ඉවුරට පිහිනන්නට බලමින් සිය දේශපානයේ වසුරු විසුරවන්නට බලන්නේය.අසාර්ථක බව තර්කයකින් තොරව පිළිගත යුතුය.රජයේ ආපදා කළමණාකාරීත්වය මෙන්ම පූර්ව සූදානම පිළිබද සැළසුම්,විද්‍යාත්මක මෙහෙයුම් පමණක් නොව මේ විනාශයට තුඩු දෙන ජලය පලදායී ආකායෙන් යොදා ගත හැකි ආකාරය ගැන දැක්මක් සහ සැළසුමක් නැති බව ද අවුලකි.එය පිළිගන්න රජයට බලකෙරෙන වැඩේ කළ යුත්තේ එම සැළසුම් පිළිබඳව රජයට දැණුමෙන් අභියොග කරණ සංවාදයක් ගොඩ නඟා එම දැණුමෙන් ජනතාව සන්නද්ධ කරමින්ය.
එය මෙවරවත් පටන් ගන්න.දිගට රැගෙන යන්න.සාක්කුවලට පිඹ බලා තිබෙන කොළ ගාණට නැකත් හදන,සාස්තර කියන තක්කඩින්ගෙන් ජනතාව බේරාගන්න.
නිශ්මං රණසිංහ