ගෝඨාට එරෙහිව තවත් පැමිණිලි 10ක් ඇමරිකාවේදී ගොනුවෙයි.

0
56

Gotabaya-Rajapaksa-3

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් පැමිණිලි 10ක් පසුගිය 26 වනදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඉරිපත් කර තිබේ. මීට ඉහතදීද හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඩු දෙකක් ඇමරිකාව විසින් ගොනු කෙරිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ තිබූ හමුදා කඳවුරුවලදී හා ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම් සිදුවූ කාලයේදී ශාරීරික, ලිංගික හා මානසික අඩන්තේට්ම් කළ බවට සඳහන් කරමින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර  මෙම කිසිදු සිදුවීමක් හුදකලා සිදුවීම් නොවන බවත් නිතිපතා සිදුවූ සිදුවීම් බවත් පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙක් වන ස්කොට් ගිල්මෝ මහතා සදහන් කර ඇත.

ඇතැම් පැමිණිලිකරුවන් විසින් ශ්‍රී ලංකාවේ පොලීසියේ හා ආරක්ෂක අංශ සාමාජිකයෙන්ගේ නම්ද ඇතුළත් කරමින් තම  පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවද වාර්ථා වෙයි.