ගෝඨා බලයට ගෙන ආයුතු යැයි කියන්නේ ඇයි ?

0
48

gotaගෝඨා බලයට ගෙන ඒමට වැඩිම උත්සාහයක් ගන්න පිරිස අතරේ බහුතරය බැලූබැල්මට සිංහල බෞද්ධයින්…
ඔවුන් ඉල්ලන්නේ මොක නැතත් කමක් නෑ , මහජාතිය හැටියට අපේ අභිමානය රැකදෙනන්න..
.මුස්ලිම් , දෙමල සුළුජාතිකයින්ට අපිට දෙවැනිවී සිටීමට පාඩමක් උගන්වන්න !
ඒවෙනුවෙන් ඔබතුමා කැමති විදියක් භාවිතා කරන්න !
සුදුවෑන් ඕනනම් ඒකත් කරන්න සල්ලි ඕනනම් AR / FR ,බල්ලට දාන්න ඒවා ප්‍රශ්නයක් නෑ.
ඔය ඩොලර් කාක්කන් වෙච්චි NGO කාරයින්ගේ කටවහන්න ( බැරිනම් කට කපන්න )
අපේ ගරුතර මහාසංඝරත්නයට අතිගෞරවණීය තත්වයක් ප්‍රමුඛත්වයක් සමාජය තුල ස්ථාපිත කරන්න ! උන්වහන්සේලාට නිදහසේ අලි ඇතුන් බැරිනම් කොටි වලසුන් උනත් පන්සල් වල ඇතිකරන්න දෙන්න !
මේ වැඩවලට සත්ගුණවත් රෙනෝ සිල්වා , දුමින්ද සිල්වා වගේ අය ඔබේ සහායට අවශ්‍ය නම් නීති බල්ලට දාලා ඔවුන්ගේ සහාය ගන්න අපේ 2500 ක මෙව්වා එක රැකදෙන්න ..!
ඒ අතරේ ඔබ වෙනුවෙන් ප්‍රාදේශීය බලය ගොඩනගන අපිටත් සයිඩ් එකෙන් හොර බිස්නස් එකක් කරගෙන එක්කො පොලීසියත් එක්ක ෂේප් එකේ නැත්නම් ගානට වැඩි එකෙක් හිටියොත් ඌට පාට් එකක් දාගෙන ඉන්න දෙන්න ඒ වෙනුවෙන් පොඩි රැකවරනයක් දෙන්න !….
.දැන් මේ සෙල්ලම අපි නොදැකපු දෙයක් නොවෙයි !
රාජපක්ෂ පාලන කාලයේ හොඳටම අත්දැක්කා..!
නූරි වත්තේ වතු අධිකාරී ප්‍රසිද්ධියේ මහදවල් දසවද දී අවසානයේ මරාදැම්මේ වත්තේ ගස් බලහත්කාරයෙන් කපාගෙන යාමට විරුද්ධ උනනිසා !
තංගල්ලේ සභාපති විදේශිකයින් මරන්න දූෂනය කරන්න තරම් බලගතු උනේ සාරුවා සුනිල්ලා සියගන්න ස්ත්‍රී දූෂනය කලේ ඒකාලෙ…සංඝයෝ රට රැකෙනවා කියන්නේ ඕවා නවතිනවාට නොවෙයි උන්ට පන්සල් බූදල් හදාගෙ ගෑනු තියාගෙන පොලීසියට බලපෑම් කරගෙන මොනවා කලත් එහෙමයි අපෙ හාමුදුරුවනේ කියලා වැඳලා ඉන්නවානම් ඒක තමයි බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම !
කොටින්ම උන් ඉල්ලන්නේ බෞද්ධ මූලධර්මවාදී රාජ්‍යයක් !….
ඒකට තමයි ගෝඨා බෝධිසත්වයෙක් කරන්න හදන්නේ !
ඇෆ්ගනිස්තානය , ඉරාකය සිරියාව වගේ රටක් බවට අපේ රට පත්කරලා උනත් කමක්නෑ ඇමරිකන් කාරයාට මේවෙලාවේ ලංකාව චීන කොලනියක් වීම වලකා උන්ගේ උවමනාවට යටත් කිරීම වෙනුවෙන් ඝෝඨා ප්‍රමෝට් කරමින් ඉන්නවා ! ඒවගේ එකෙක් නැතිව බෑ කියලා රටේ මානසිකත්වයක් හදන්න ISIS ගේම් දෙනවා !

අජිත් මුණසිංහ