ගෝපිගේ මව පමණක් නිදහස්..????

0
232

suresh-gopi-mother-200612යුද්ධය නිමාවී වසර පහක් ගතවී ඇති නමුත්, උතුරේ  කාන්තාවන් ත්‍රස්ත මර්දන නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ කටයුතුවල අඩුවක් නැතැයි කාන්තා ක්‍රියාකාරි ජාලය චෝදනා කරයි.

පසුගිය සති කිහිපයක් තිස්සේ එල්.ටි.ටි.ඊ.  සංවිධානය යළි සක්‍රියවීමට තැත්කරන බව පවසා කාන්තාවන්, ඇතුළු බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.එල්.ටී.ටී.ඊ.  සංවිධානය යළි සක්‍රිය කරන බවට චෝදනා එල්ලවූ ගෝපි නැමැත්තා සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බව එම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස ප්‍රක‍ාශ කර තිබේ.ගෝපි නැමැති එල්.ටී.ටී.ඊ.  ‘නායකයා’  සහ ඔහුගේ සහයකයන් නෙඩුන්කේනි ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකදී මියගොස් ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන නමුත්, නමුත් ගෝපි සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් තවඳුරටත් රඳවුම්භාරයේ තබා තිබේ.

අත්අඩංගුවට පත්වූ කාන්තාවන් වවුනියාව ත්‍රස්ත මර්දන අංශය, කොළඹ ත්‍රස්ත මර්දන අංශයේ 2වන සහ 4වන මහල හා බූස්ස බන්‍ධනාගාරයේ රඳවා තබා තිබේ.

සර්මිලා ගජදීපන් (26)
සෙල්ව නායකි රාසමලර් (62) ගෝපිගේ මව
පුවනේස්වරි කුලසිංගම් (52)
ජයකුමාරි බාලේන්ද්‍රන්
නිදර්සනා (28)
කනපතිපිල්ලයි යෝගරානි (61)
රවීන්ද්‍රන් වදනි (22)
සෙල්වි ලෝකනාදන්
සසිදරන් තවමලර් (42)
සසිදරන් යදූර්සිනි (16)

යන පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇතැයි කාන්තා ක්‍රියාකාරී ජාලය පවසයි.මේ අයගෙන් ගෝපිගේ මව පමණක් පසුගියදා නිදහස් කළ බව රජය පවසයිග
ඡායාරූපය-lankaviews.com
තොරතුරු මුලාශ්‍රය- ලංකා හෙරල්ඩ්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here