ගෝලීය කුසගිනි දර්ශකයෙන් ශ්‍රී ලංකාව ස්ථාන 3ක් ඉදිරියට

0
105

hungry-kid

මේ වසරේදී නුකුත්වූ ගෝලීය කුසගිනි දර්ශකයෙන් ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 84වන ස්ථානයයි. ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිවී ඇත්තේ රටවල් 119කින්.පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුනේ 87වන ස්ථානය වන අතර මෙවර ස්ථාන තුනක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා.
මේ දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉහළන් සිටින අස්ලවාසී රාජ්‍යන් අතර නේපාලය (72),මියන්මාරය(77),ඉරාකය(78) සිටින අතර,පකිස්ථානය (106),ඉන්දියාව (100), ඇෆ්ගනිස්ථානය(107) යන රාජ්‍යයන් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා අඩු දර්ශකයකයි.

මෙම දර්ශකය මෙවර ඉදිරිපත් කර ඇත්තේ 12 වන වතාවටයි.