ගෞරවනීය බස් මගී ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම සඳහා යෝජනා කීපයක්!

0
26

 

  1. ප්‍රධාන මාර්ග දෙපස හැකි ස්ථානයකම මගීන්ට නතර වී සිටීමට බස් නැවතුම්පොළවල් ඉදිකිරීම. සාමාන්‍යයෙන් බස් රථ ධාවනය වන කාල සටහන ඒවායේ ප්‍රදර්ශනය කිරීම.
  2. අවම වශයෙන් උදෑසන 3.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා බස් රථ ධාවනය කරවීම.
    මෙහිදී දවල් කාලයේ කාලසටහන අතර ඇති බස් රථ ධාවනය කිරීම සඳහා ඇති පරතරය වෙනස් කළ හැක. රාත්‍රිය 8.00 පසුව අවම වශයෙන් පැයකට වරක්වත් බස් රථයක් ප්‍රධාන නගරයකින් පිටවීමට කටයුතු කරන්නේ නම් මැනවි.
  3. රාත්‍රී කාලයේ ධාවනය වන බොහෝ ලංගම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් ටිකට්පත් නිකුත් නොකරන අතර මගීන්ගෙන් මුදල් අය කරයි. මෙය වහා නතර කළ යුතුමය.
  4. නිශ්චිත කාල සටහනකට අනුව බස්රථ ධාවනය කරන විට අතරමැද බස් ධාවනය කිරීමට ඇති බස් රථයක් නොමැති නම් ඒ වෙනුවට ඊළඟට ඇති බස් රථය යෙදවිය යුතුය.
  5. පෞද්ගලික සහ ලංගම බස් වල ඇති ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ප්‍රචාරය කරන ගීතවලට නිශ්චිත ප්‍රමිතියක් තිබිය යුතුමය. එසේම ඒවායේ හඬ පාලනයකින් පැවතිය යුතුය. මක්නිසාද යත් සෑම මිනිසෙකුටම නිදහසේ බස් රථයේ ගමන් කිරීමට ඇති අයිතිය අපි තහවුරු කළ යුතුය.
  6. බස් නැවතුම්පොළ අසළ මිස වෙන කිසිම ස්ථානයක බස් රථය නැවැත්විය යුතු නැත.
  7. නිශ්චිත මාවත්වල බස් රථ ධාවනය වන කාල සටහනක් ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කර තිබිය යුතුය.
  8. ප්‍රධාන නගරයේදී බස් රථයට ගොඩ වීමට පෙර මගීන්ට ටිකට් වත් නිකුත් කළ යුතුය.
  9. සැම විටම පස්ස දොරෙන් බස් රථයට පිවිසීම අනිවාර්ය කළ යුතුය.
  10. අධික මගීන් සංඛ්‍යාවක් සිටින විට කොන්දොස්තරවරයා බස් රථ ධාවනය වන විට ටිකට් නිකුත් කිරීමට හෝ මුදල් අයකර ගැනීමට බස් රථය ඇතුළේ ඉස්සරහට සහ පස්සට යෑම වහා නතර කළ යුතුය.
    11.බස් රථ ධාවනය කරන විට රියදුරු දුරකථනය පාවිච්චි කිරීම සම්පූර්ණයෙන් තහනම් කළ යුතුය.

අරුණ ශාන්ත නෝනිස්