ඝාතනය වූ චමිලාගේ අත්බෑගයේ පෙම්පතක්

0
803

chamila2013 ජුලි 24 වන දින  මීගමුව මහා අධිකරණයේදී   මීගමුව රෝහලේදී දූෂණය කොට මරාදැමූ  චමිලා දිසානායකගේ  ඝාතන නඩුවේ තවත් නඩු විභාගයක් පැවැත්විණි.
මෙහිදී සාක්ෂිය දීම සදහා  අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ  2007 වසරේදී මීගමුව පොලිසියේ හිටපු අපරාධ අංශයේ  ස්ථානාධිපතිවරයා වන කංකානම්ගේ පුෂ්පකුමාර තිලක් සුබසිංහ මහතායි.
ඔහු  2007-11-13 වනදා සිදුකරන ලද පරීක්ෂණ වලදී සොයාගත්  තොරතුරු හා මරණකාරිය සතු ව තිබූ භාන්ඩ පිළිබදව ඊයේ දින  සාක්ෂි දෙන ලදී.
මෙහිදී 06 වන තට්ටුවේ 33 වෙනි කාමරය යනු චමිලා ඝාතනයේ  සැකකාර වෛද්‍ය සුදර්ශන බාලගේ නැවතී සිටි කාමරයයි. එයට අල්ලපු කාමරය බෙහෙත් ගබඩා කර තිබී ඇත.
මෙම කාමරය තුළ ඇති කබඩ් එක පරීකෂා කිරීමේදී   යටම ලාච්චු වල තිබී සොයාගත් දේවල් අද දින විනිසුරුවරයා ඉදිරියේදී පෙන්වා ඒවා මරණකාරිය වන චමිලා සතුව තිබූ ඒවා බවට සාක්ෂි තහවුරු කරන ලදී.
ස්මාර්ට් ෂර්ට් ආයතනයේ සේවිකාවක් වූ චමිලා දිසානායක විසින් එදින රෝහලට පැමිණෙන විට රැගෙන ආ අත්බෑගය සහ ඒ තුළ තිබූ දේ අතර ඇයගේ අනන්‍යතාවය සහතික වන ,ජාතික හැදුනුම්පත ස්මාර්ට් ෂර්ට් ආයතනයේ   හැඳුනුම්පත හා වෙළද කලාපයට  ඇතුල්වීමේ අවසර පත්‍රයද විය.
එයට අමතර බෙහෙත් ගැනීමට අදාළ සායන ලියවිලි, රැපියල් 50 ,20 නෝට්ටු හා කාසි කීපයක්ද ඉදිරිපත් කෙරිණි.
වසර 5කටත් පසු  දිගහැරෙන චමිලාගේ ඝාතනය පිළිබද කතාවේ වැදගත්ම දේ අතරට එක්වන ඇය සතුව  තිබූ ඇයගේ දිනපොත, සහ පෙම්වතාට ලියා තිබූ ලියුමක්ද එහි තිබිණි.
එමෙන්ම නිදහස් වෙළද කලාපයේ  වැටුප් පත්‍රිකාව , නූල් වලින් ගොතන ලද අත් පළදනාවක් යතුරු කැරල්ලක් , කලුපාට පටි දැමූ පාවහන් යුගලයක් ඇයගේ අත්බෑගයේ තිබූ ඒවා බවට නැවතත් සහතික කරන ලදී.
චමිලාගේ බෑගයේ තිබූ පෙම්පත මෙන්ම නිල්පාට කුඩා දිනපොත අධිකරණයේ විමසුමට ලක්වූ අතර ඒ පිළිබද තොරතුරු කිසිවක් අද දින ප්‍රකාශ නොවුණි.
ඒ අතර චමිලාව ඇදගෙන ගිය බවට සැකකරන වෛද්‍යවරයාගේ කාමරයේ ඇද යට තිබී සොයාගත් කාඩ්බෝඩ් එක නැවතත් සාක්ෂිකරු ඉදිරියට ගෙනඑමින් එය ඔහු විස්තර කළ පරිදි හදුනාගතහැකි දැයි විමසන ලදී.
එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දුටු බවට පැවසූ ‘සිලාග්‍රා’ නමැති බෙහෙත් පෙති කාඩ් එකද නඩුභාන්ඩ අතර තිබී නැවතත් එය තහවුරු කළේය.
(ව්‍යාඝ්‍රා සහ සිලාඝ්‍රා යනු ලිංගික උත්තේජනය සදහා ගනු ලබන  ඖෂධයකි.) පරීක්ෂණය මෙහෙයවු පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයොගේ විමර්ශනයට හසුවූ කොන්ඩ කටු කීපය ඔහු සොයාගෙන ඇත්තේ 06 වන මහලට ඇතුළු වූ විට ඇති හිස් අවකාශයේ දී ස්ථාන දෙකක තිබීදිය.
ඒ පිලිබදව නැවතත් ඔහු තහවුරු කළේය.
ෙමම සාක්ෂි විභාගය  මීගමුව මහා අධිකරණයේදී විනිසුරු එම්. එම්.ඒ. ගෆූර් මහතා ඉදිරියේදී සිදුවිය.