”චණ්ඩි ඩන්ඩි” මන්ත්‍රි රවිට මරණ තර්ජන කළ හේතුව හෙළිවේ.

0
183

thugsමීගමුව මහනගර සභාවේ කර්මාන්ත කාරක සභාවේ සභාපතිවරයා වන නිල් ඩන්ස්ටන් හෙවත් ඩන්ටි මන්ත්‍රිවරයා අප්‍රේල් මස පැවැති කර්මාන්ත කාරක සභාවට පැමිණ ඇත්තේ එය අවසන්වු පසුවය.
එහෙත් අදාල නිළධාරින් හා එක්ව කෙසේ හෝ පැමිණිමේ ලේඛනයේ නම දාගත්තද මේ නිතිවිරෝධි ක්‍රියාව මහසභාව හමුවේ එජාප මන්ත්‍රි රවි ජිවාන්නද විසින් හෙළිකර තිබුණි.
මෙයින් ලැජ්ජාවටත් කෝපයටත් මන්ත්‍රිවරයා රවි ජිවාන්නද මන්ත්‍රිවරයාට බැන වදමින් මරණ තරජන එල්ල කර ඇත.
මේ පිළිබදව මීගමුව පොලිසියේ පැමිණිල්ලක්( C2B138243) ඇත.
පසුව දෙවන වතාවටත් ඩන්ටි මන්ත්‍රිවරයා සිය වාහනය යළිත් හරවාගෙන නගර සභාව වෙත පැමිණ රවි ජිවාන්නද මන්ත්‍රිවරයාව සොයා ඇති බවද සැලය.
මේ සියළු කරුණු පොලිස් පැමිණිල්ලේද සදහන්ය.
මහසභාවේදි මෙවන් දැ හෙළිකිරිම මන්ත්‍රිවරයෙකු සතු පරම අයිතියකි.
එහෙත් පසුව දැනගන්නට ලැබුනේ මේ කාරක අවස්ථාවකට නොපැමිණියහොත් ලැබෙන රු 7000 ක්  වන මාසික මන්ත්‍රි දිමනාවෙන් රු 3500 ක්  අහිමිවනු ඇත,මේ අනුව ඩන්ටි මන්ත්‍රිවරයා රවි ජිවානන්ද මරණ තර්ජන එල්ල කරන්නට ප්‍රධාන හේතුව පැහැදිලි යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු මීපුර හෙළි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here