චමල්ලා බලය ගත්තත් මං දන්නවා අපිට බොහෝවිට ඉන්න වෙන්නේ පාරවල් වල තමා-බ්‍රිටෝ

0
87

(නිදහසේ වේදිකාවේ කැදවුම් මණ්ඩල සභික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් 2013 මාර්තු 09 වනදා කුරුණෑගල  පැවැති මහජන මන්ත්‍රණ සභාවේදි කළ කථාව )

අද අපි මේ කතා කරන බොහෝ දේවල් මේ වෙනකොට ආණ්ඩුව පිළිඅරගෙන තියෙනවා. ඒ කියන්නේ පහුගිය කාලෙ මේ රටේ දෙමල මිනිසුන්ට අසාධාරණයක් වෙනවා කියලා. මේ යුද්ධ හරහා කරපු දේවල් වලින් පරාජයට පත් වුනා, අද ඒ සදහා පත් කරපු ප්‍රතිසංධාන කොමිසමේ වාර්ථා වල රටේ නීතිය කඩා වැටී ඇති බවත්, මිනිසුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නට අවස්ථාව නැති බවත්, ඒ වගේම අතුරැදහන් වීම් සිදුවෙන බවත්, ඒ ආණ්ඩුවේම කොමිසන් වලින් කියවෙන තත්වයට පත් වෙලා තිබෙනවා.

අද ජිනීවා නගරයේදී ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුවට වගකියන්න වෙලා තියෙන්නේ තමුන්ගේම කොමිසමේ තියෙන වාර්ථා වල යෝජනා ක්‍රියාත්මක කරනවද නැද්ද කියන කාරණය ගැන. ආණ්ඩුවනම් කියනවා භාගෙකටත් වැඩියෙන් එයාල ඒක කරලා තියෙන්නෙ කියලා. නමුත් අපි සාමාන්‍ය මිනිස්සු දන්නවා අලින්ගෙ තැන ඉදලා, ඉස්කෝල වල ඉදල, ගොවීන්ගෙ ප්‍රශ්නේ ඉදලම, මේ වාර්ථා වල තියෙන නීතිය කඩා වැටීම් හා අනිකුත් සියලුම කාරණා ඒ ආකාරයෙන්ම සිදු වෙනවා කියන එක. එතකොට මේකෙදි ප්‍රධානම දේ කියන්නේ දැන් අර අලින් ගැන කතා කරපු ගොවි මහත්තය‍ කිව්වා, “අපි මෙච්චර කල් කියල කියල දැන් වැඩක් නැහැ”යි ,කියලා එතකොට දැන් ගොවිතැන අතෑරිය, දැන් තියෙන්නේ කිරිහල්, එතකොට දැන් ගුරැවරැනගේ පැත්තෙන් කිව්වෙත් ඒකමයි. එතකොට අද රටේ තියෙන තත්වෙ තමයි ප්‍රශ්නේ බරපතලයි, හැබැයි මේ ප්‍රශ්නේ වෙනුවෙන් කථා කරන මිනිසුන්ගේ සංඛ්‍යාව සහ ඒ මැදහත් වීම විවිධ අකාරයෙන් අඩු කරන්න, තුනී කරන්න ආණ්ඩුව උත්සහ කරමින් ඉන්නවා. ඒකෙ ප්‍රධානම දේ තමා ආණඩුව මිනිසුන්ව බිය වද්දනවා.
කලින් කථා කරපු ගුරැවරයා කිව්වා දෙමල පාසල් පිළිබද කථා කරලා ගෙදර යන්න බයයි කියන කාරණය. මේක තමයි ආණ්ඩුව පහුගිය කාලේ තුලම මේ රටේ හදන්න උත්සහ කරන දේ. එතකොට අද කාගෙත් බයක් තියෙනවා තමන් දරන අදහස එළිපිට කීමම තමුන්ට අනතුරක් ගෙන දෙනවා කියලා. මෙන්න මේක තමයි අපි මහජන මන්ත්‍රන සභාව හරහා අපි දරන අදහස එළියෙ කියලා, අපිට පාරෙ යන්න පුලුවන්ය කියන කාරණය තහවුරැ කරගන්න උත්සහ කරන එක.
මොකද ප්‍රධාන එකක් තමයි අනුනගේ විරැද්ධවාදී මත ඉවසන්නැහැ, අනුන්ට විරැද්ධ වෙන්න අයිතියක් තියෙනවා කියල මේ සමාජය පිළිගන්නෙ නෑ. එහෙම විරැද්ධ මතයක් තියෙනවනම් ආණ්ඩුව අපිට ඔප්පු කරල තියෙන හැටියට අතුරැදහන් කරන‍වා, අල්ලන් ගහනවා, එහෙම නැත්තම් මරල දානවා, මේ නිසා විරැද්ධ මතය ඉදිරිපත් කිරීම තමන්ට අනතුරැ දායකය කියන හැගීම මේ රටේ බරපතල විදියට තියෙනවා .මේ ආණ්ඩුව අපේ මූණවල් වල අතුල්ලලා තියෙනවා. දැන් තමුන්නාන්සේල දන්නවා ඊයෙ පෙරේදා අර තම්නගේ දරැවෝ නැතිවෙච්ච ඒ දෙමල පලාත් වල අම්මලා කොළඹට එන්න හිටිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් භාර දෙන්න, තමන්ගේ දරැවන් ගැන හොයල දෙන්න කියලා. එදා මොකක්ද කෙරැවේ, එදා ඒ බස් ඔක්කොම වව්නියවෙ නතර කරගෙන, එන්න දුන්නේ නෑ. මෙතන පොලිස් නිළධ‍රීනුත් හිටියා නමුත් පොලිස් නිළධාරීන් එක්ක වෛරයක් නෑ, නමුත් බලන්න මේ රටේ ආණඩුව පොලිසිය මොන තරම් නින්දිත තත්වයට පත් කරලා තියෙනවද කියලා.
අද පොලීසියකට රටේ නීතිය අනුව රාජකාරි කරන්ඩ බැහැ. ඒ අය දේශපාලන ඉත්තෝ බවට පත්වෙලා. එදා ඒ බස් වලට ඇණ තිබ්බේ පොලිස් නිළධාරීන්, ඇණ ගෙනල්ලා පොලිස් නිළධාරීන් බස් වලට ඇණ ලෑලි තිබ්බා. රියදුරැ මහතුන්ව ඇදගෙන ගිහින් කටවල් වලට පිස්තෝලෙ ඔබලා කියනවා තොපේ බස් ගිනි තියනවා තොපි ආයේ හෙට කොළඹ ගියොත් දෙමුල්ලු එක්ක කියලා. ඉතින් මට ඒ වෙලාවෙ කණගාටු හිතුනේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිස් නිළධාරීන් බොහාම ගරැත්වයකින් ඉදගෙන දේශපාලකයො කියන හැටියට බස් වල‍ට ඇණ ලෑලි තියන්න ඕනෙ,කටවල් වලට පිස්තෝල තියන්න ඕනෙ ,ඒ එබුවට පස්සෙත් ඒක කෙරැවයි කියන්න හයියක් නෑ
.පහුවදා උදේ අපිත් එක්ක ඇවිත් මුකුත් නොවිච්ච ගානට කතා කරනවා. ඒ නිසා උසාවියේ නඩුකාරවරැ පවා, අපි දන්නවා පහුගිය කාලෙ මේ මොහාන් පීරිස් කියන ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් ඉන්න අගවිනිසුරැ කොහොමද එතන්ට ආවෙ කියලා. ජිනීවා ගිහින් ආණ්ඩුව ගැන කියන තරමක් බොරැ කීවෙ මොහාන් පීරිස් දැන් ජිනීවා වගේ එක්සත් ජාතීනගේ සංවිධානයට ගියහම ආණ්ඩුව යම් වාර්ථාවක් ඉදිරිපත් කරනවනම් ඒක මේ රටේ විපක්ෂය හා අනිකුත් අයත් එක්ක කතා කරලා එකගතාවයකින් තමා ඉදිරිපත් කල යුත්තේ. නමුත් වධ හිංසා ගැන, අතුරැදහන් වීම් ගැන, මානව හිමිකම් ගැන, කිසි දවසක පාර්ලිමේතුවේ කතාවක හෝ එකගතාවයක් තුළ නෙමේ මොහාන් පීරිස්ගේ කටට එන ඕනම දෙයක් කියන්න පුලුවන් වුනා. ඒවගේ තක්කඩි කම් කරොත් තමා මේ රටේ අගවිනිසුරැ වෙන්න පුලුවන් කියලා මොහාන් පීරිස් අපට ඔප්පු කරලා පෙන්නුවා. එතකොට ඒ මොහාන් පීරිස් යටතේ තියෙන උසාවියට තමා අපේ ගොවි මහත්වරැ නඩු දාගන්න යන්නේ. මතක තියාගන්න මොහාන් පීරිස් ඉන්නාවා.
ඒ නිසා මේ රටේ හැම එකක්ම විනාශ කරලා තියෙනවා.

දැන් මෙතුමා කියද්දී පළාත් සභාව ගැන අතුල විජේසිංහට ප්‍රධාන ඇමති විදියට තියෙන එක චෝදනාවක් හැටියට මට ලැබිච්ච පණිවිඩේ  තමයි මේ පලාතෙ ඉන්න දැරියකගේ නමක් දාල එයාගෙ අම්මට පඩියක් හදාගෙන තියෙනවා.
දිගටම මේ ප්‍රදේශයේ සාමාන්‍ය දැරියක් රස්සාවක් කරනවයි කියලා එයාගෙ නම දාගෙන පඩිය හදාගෙන තියෙන්නේ මහ ඇමතිගේ අම්මට, මේ සිද්ධිය පොලීසියට පැමිණිලි කරහම ඒ පැමිණිලි කරපු දැරිවියයි, ඒ පවුලේ අයවයි, ඒ සහෝදරයවයි ඔක්කොම පොලීසිය යටතට ගන්නවා. ඒ සහෝදරයගේ රස්සාව නැති කරනවා.. ඒ නිසා මේ වගේ මහ බරපතල විදියට මේ රට විනාශය කරා ගමන් කරනවා. හැබැයි එක කාරණයක් තියෙනවා මේ රටේ මහින්ද රාජපක්ෂට ගැලවෙන්න ගොවි මහත්තුරැන්ගේ ප්‍රශ්ණ, අලින්ගේ ප්‍රශ්ණ, ගුරැවරැන්ගේ ප්‍රශ්ණ, ඔක්කොම ගෙන්ල්ලා ලේ කෝප වෙලා පහර දෙද්දී දෙමල මිනිස්සු ගැන කතා කරපුවහම ලේ කෝපෙ බැහැල, මහින්ද මහත්තයව බදා ගන්න හිතෙනවා. මේකයි මේ පහුගිය කාලෙ සිද්ධ වුනේ. අපි අපේ වැටුප් ගැන, ගොවියනගේ ප්‍රශ්න ගැන, ජීවත් වීම ගැන, හොරකම ගැන ,කථාකරලා ලේ කෝප වෙලා පාරට එන මිනිස්සුන්ට අර අලි දමනය කරනව වගේ කියන මන්තරේ මොකක්ද,” මම තමයි ප්‍රභාකරන්ව මැරැවේ, මම තමයි සිංහල බෟද්ධයන්ගේ නායකයා. මම තමයි සිංහල ජාතිය එක්සත් කරන්නේ. ප්‍රභාකරන්ද, මමද.” කියල අහපුවාම අපිට පඩිත් එපා, අලින්ගෙන් මැරැනත් කමක් නෑ ,ගොවි ජනතාවගේ ඉඩම් නැතුවගියත් කමක් නෑ, අපි මහින්ද මහත්තයව බදා ගන්නවා. ඒක නෙමේද සිද්ධ වෙන්නේ. අද දෙමල ජනතාවගේ ප්‍රශ්ණය බරපතල විදියට මහින්ද රාජපක්ෂ පාවිච්චි කරනවා .අපේ තියෙන සියලු ප්‍රශණයන්ට, ඒ නිසා මතක තියාගන්න අපි මොනා කතා කරත් මේ රටේ බරපතල විදියට තමුන්ගේ ප්‍රශණ වෙනුවෙන් ,එයාල යුද්ධ කරපු ආකාරය අනුගමනය කරපු ක්‍රියා පිළිවෙල අපි අනුමත නොකලත්, තමන්ගේ ප්‍රශණ වෙනු‍වෙන් සයනයිඩ් කරලක් එල්ලගෙන මිනිස්සු කැරළි ගහන්න එළියට ආවා. ඔවුන්ව මර්ධනය කරා, ඔවුන්ව මර්ධනය කරායින් පස්සේ මේ ගොවි මහත්වරැන්වයි, අලින් වෙනුවෙන් කතා කරන අයවයි, අලින්ට විරැද්ධව කතා කරන අයවයි, ගුරැවරැන්වයි ,මරැධනය කරන එක එච්චර අමාරැ නැහැ කියලා මහින්ද රාජපක්ෂ අපිට ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි, මේ හැම ප්‍රශ්ණයක් එක්කම බැදුනු මේ රටේ සියලු ජාතීන් සමානව සලකල සිංහල දෙමල, මුස්ලිම් ,මිනිසුන්ට සමාදානව ජීවත් වෙන්න විදික්‍රමයක් හැදුවෙ නැත්තම්, මේ එක ප්‍රශ්ණයක්වත් බේරන්න බෑ.. ඇයි ? ඒ හැම ප්‍රශ්ණෙදිම මතු කර ගන්නවා දෙමල ප්‍රශ්ණය, මෙන්න මේ උගුල ගැන අපි හුගාක් දැනුවත් වෙන්න ඕනෙ, කියලයි මම හිතන්නේ. සොයුරනී ඒ නිසා මට කියන්න තියෙන්නේ දැන් ඉස්කෝල වල ප්‍රශ්ණෙ ගත්තත්, දැන් ලංකාවෙ ඕන දෙමව්පියෙක් දන්නවා තමුන්ගේ ළමයෙක්ව ඉස්කෝලෙකට දාන්න ඕනෙනම් සල්ලි දෙන්න ඕනෙ කියලා.  නමුත් මහ ඇමතිවරැ කියනවා, චක්‍රලේඛන නිකුත් කරනවා සල්ලි ගන්න එපා කියලා. නමුත් ඒක කවුරැත් දන්නා වූ රහසක් අපිටත් ඒ ප්‍රශ්ණේ තියෙනවා අපේ දරැවව ඉස්කෝලෙකට දාගන්න අපි හිගා කාල හරි සල්ලි දෙන්නවා. දීල විරැද්ධ වෙනවා. ඒ නිසා මේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්ණේ තමයි ,මේ විරෝධතාවය කියන එකේදී අපි අපේ ප්‍රශ්ණෙ බේරගෙන, තමා විරැද්ධ වෙන්න උත්සහ කරන්නේ. ඒ අපේ තියෙන අසරණකම හින්දා.

ඒ විතරක් නෙවේ අද මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම කොතරම් මොට කරනවද කිව්වොත් ඡන්දෙට ඉස්සර වෙලා ඉස්සර නම් පක්ෂ වලට සිද්ධ වුනේ රස්සාවක් දෙනවා, ඉඩමක් දෙනවා, වගේ මහා බාරධූර දේවල් දෙනවා කියලා තමා ඡන්දෙ ගන්නේ. දැන් මොකක්ද වෙන්නේ දැන් ඇලුමීනියමි ෂීට් අරගෙන ඡන්දෙ දෙනවා, එ‍‍‍ලෝලු ඇට පැකට් එකට ඡන්දේ දෙනවා, මල් පැළ 4ක් දෙනවනම් ඡන්දෙ දෙනවා, මිනිසුන‍ගේ අසරණකම නිහීන ආකාරයට පාවිච්චි කරන මේවගේ ආණ්ඩුවක් අපි දැක්කේ නෑ. අද අතුල විජේසිංහ හොරවැඩ කරනකොට අපි පුදුම වෙන්න ඔනෙ නෑ. රාජපක්ෂ පරම්පරාවම හොරකම් කරනවා කියලා අපි හැමෝම දන්නවා. එතකොට මහ එකා මොනා හරි කරනකොට ගෝලයොත් ඒවා නොකරනවනම් තමා පුදුමෙ කිව්ව වගේ, රාජපක්ෂ පරම්පරාවට තියෙන මේ හොර නාමය දැන් හැම තැනම 10% , 20% ආකාරයට වර්ධනය වෙලා තියෙනවා. ඒක අපි හැම කෙනාම දන්නවා ප්‍රධානම දේ තමයි අපිට කේන්ති යනවා, නමුත් ඒ කේන්තිය සාමූහිකව ආණ්ඩුවට විරැද්ධව එළියට ගේන්න බෑ.. ඇයි? ආණ්ඩුව හැම වෙලාවෙම කියනවා අපි තමා දෙමල්ලු මැරැවෙ කියලා,  ඒක තමයි ආණ්ඩුවෙ ප්‍රධාන ගැලවීම. මෙන්න මේ කාරණය තමයි බරපතල විදියට අපිට විසදගන්න වෙන්නේ. මං ඊට එහා කාළය ගන්නේ නැහැ නමුත් කතාතරන්න බොහෝ දේවල් තියෙනවා ඒ නිසා සහෝදරවරැනි ,මෙතන තමයි ප්‍රධාන ප්‍රශ්ණේ තියෙන්නේ අපි අතලොස්ස තමයි මේ සමාජයේ ඉන්නේ අලින්ගේ ප්‍රශ්නේ ඉදලා, ගුරැන්ගේ ප්‍රශණේ ඉදලා, ඉන්නේ අපි අතලොස්ස විතරයි නමුත් අනිත් මිනිස්සු අපි දිහා දැන් බලමින් ඉන්නවා. ඒ මිනිස්සු අපිත් සමග දොඩමලු වෙනවා. දැන් පහුගිය කාලෙ කවුරැත් කතා කලේ නැහැ. බඩුමිල වැඩියි කියලා කවුරැත් කතා කළේ නැහැ රාජපක්ෂල හොරකම් කරනවා කියලා. නමුත් අද වෙද්දි ටිකක් කතා කරන්න පටන් අරන් තියෙනවා ඕනැම ත්‍රීවීල් එකකට නැගල අහන්න දැන් කොහොමද ආණ්ඩුවෙ තත්වෙ කියලා මහින්ද මහත්මයාගේ අම්මව හොදාට මතක් කරනවා.
නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ ඒ අයට විශ්වාසයක් නැහැ, මේ මහින්ද රාජපක්ෂට අභියෝග කරන්න පුලුවන් හයියක් මේ රටේ විපක්ෂයට හා මේ කථා කරන සිවිල් සංවිධන වලට තියෙනවා කියලා .එයාල තාමත් හිතන්නේ කථා කරොත් අමාරැවෙ වැටෙනවා කියලා .එතකොට මෙන්න මේක කඩන්නේ කොහොමද?

මට හොදට මතකයි අපි තිස්සනායගම්ව නිදහස් කරන්න කියලා උද්ඝෝෂණයක් කරා පිටකොටු‍වෙදී .එතනට අපි ගියේ 50ක් 60ක් විතර DIG  මහත්තයෙක් ඇවිත් බැස්සා, අපි ඔක්කොම දිහා බැලුවා, බලලා එයාගේ දුරකථනය අරගෙන කිව්වා “No sir there’s nothing to worry the same people there”  ඒ කියන්නේ හැමදාම එන වුන් ටික ඇවිත් තියෙන්නේ, ඒක හින්ද බය වෙන්න දෙයක් නැහැයි, කියලා එතකොට මේ කුරැණෑගල නගරය ගත්තොත් ඕනම රැස්වීමක, ඕනෙම පිකට් එකක, ඕනෙම විරෝධතාවයක ,ඉන්න මූණු ටික තමා මෙතනත් තතියෙන්නෙත්. ඒක අර එළියෙ ඉන්න පොලිස් නිළධාරියගෙ ඉදලා, මෙතන ඉන්න CID මහත්තුරැ දක්වා දන්නවා. අපිව හොදට කට පාඩම් ඇයි? හැම මගුලෙම ඉන්නේ අපි ඉතින් කලක් ගියහම අපිටත් හිතෙනවා මහජනයාට පුලුවන් තරම් කෙලවෙන්න ඇරියහම තමා මේක ගොඩගන්න පුලුවන් කියල. තොපිට එපානම් අපිටත් එපා කියලා අපිට හිතෙන්න ගන්නවා. හැබැයි සහෝදරවරැනි මේ ඉන්න කණ්ඩායම මේක බරපතල විදියට අල්ලගෙන මෙන්න මේවගේ විරෝධතා ඉදිරිපත් කරන්න පුලුවන් එක ගැන, අපිට පාරේ හිටගන්න පුලුවන් එකගැන, එහෙම හිටගත්තට පස්සෙත් අපිව මරන්න බැරිය කියන කාරණය මේ පළාතේ මිනිසුන්ට දුන්නොත් විතරයි, මේ මිනිසුන්ව අපිත් එක්ක ඇවිලලා ඉදගන්නේ. අද මහින්ද රාජපක්ෂගෙ ආණ්ඩුව තමන්ට විරැද්ධවෙන ඕනෙම මිනිහෙක්ව විනාශ කරන්න පුලුවන් කියන අදහස දීල තියෙනවා.ඒක කඩන්න ඕනෙ. කඩන්න වෙන විදියක් නැහැ මේ වගේ සභා වලට ඇවිල්ලා, අපි දන්න දේ කියලා, අපේ විරැද්ධවාදීකම් ඉදිරියට ගෙනල්ලා අනිත් මිනිස්සු අතර හයියක් හදන්න පටන් ගන්න ඕනේ.. ඡන්ද? ඡන්ද වලින් කොහෙ දිනන්නද ? අර ඒ කාලෙ නැතිවෙච්ච ජෙනරල්ගෙ ඡන්ද පෙට්ටි තාමත් හම්බෙනවා. ඒනිසා මතක තියාගන්න, ඡන්දයක් වුනත් ඡන්දයක් විදියට තියන්න පුලුවන් මිනිස්සු මහ පාරවල් වල ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. මේ රටේ නැත්තේ ඒ තමන් දරන අදහස වෙනු‍වෙන් පෙනී හිටින්න හයිය හදාගන්න ඕනේ. එදා වන්නියෙ අම්මලා මුලු රැයක් තිස්සේ පොලීසියත් එක්ක පොර බද බද පොර බද බද කොළඹට එන්න උත්සහ කරා ,නමුත් ඒ රියදුරන්ව කටට පිස්තෝල දාල, බය කරලා, බස් වලට ඇණ තියපු නිසා එයාලට එන්න හම්බුණේ නැහැ. ඒ සටන්කාමි දෙමල අම්මලත් එක්ක, ඒ තමන්ගේ දරැවො හොයන අම්මලත් එක්ක මේ දකුණේ අම්මලා තාත්තලා අපි හැම එකාම අත්වැල් බැදගත්තොත් මහින්ද රාජපක්ෂ කියන්නේ මහලොකු මිනිහෙක් නෙවේ.. මතක තියාගන්න, ඒ නිසා මේ වගේ සභාවල ප්‍රධානම පරමාර්ථය තමයි අපි දරන අදහස එළියෙ විවෘතව කතා කරලා ඔලුව කෙලින් තියාගෙන පාරේ යන්න පුලුවන් කාරණය අපි හැමෝටම දෙන්න ඔනේ, නැතිවෙන්න පුලුවන්, හැබැයි ඉතින් මතක තියාගන්න.. නැති වුනත් මොකක්ද තියෙන ගැටළුව? heart attack හැදිල කීදාහක් මැරෙනවද? මානව හිමිකම් ගැන කතා කරලද ? ඒ අය මැරෙන්නේ නැහැ පාරෙ හැප්පිල‍කී දාහක් මැරෙනවද ?ඒ මැරෙන්නේ මානවහිමිකම් හින්දද? හයදෙනා හත්දෙනා මොටෝසයිකල් වල ගිහින් මැරෙන්නේ මානව හිමිකම් ගැන කථා කරලද ? නැහැ ,මානව හිමිකම් ගැන කතා කරල මැරෙනකොට පොඩි ගෞරවයකුත් තියෙනවා. ඒක නිසා මතක තියාගන්න අපිට ඒ කියන මරන භය වට්ටන්න පුලුවන්. බැරි කමක් නැහැ.මෙතන අද විපක්ෂය හැටියට එකතු වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ,සමසමාජ පක්ෂය මේ ඔක්කොම එකතු‍වෙලා තියෙනවා. අපි අතර ආර්ථික කතන්දර ගැන එහෙම එකගතාවයක් නැහැ. අපිට තාමත් තියෙනවා ගැටලු බේරගන්න. ජයවික්‍රම මහත්තයල නෙවේ චමල්ලා බලය ගත්තත් මං දන්නවා අපිට බොහෝවිට ඉන්න වෙන්නේ පාරවල් වල තමා. නමුත් මේ මොහොතේ තියෙන ප්‍රධානම දේ තමයි මේ රටේ කතා කරන්න පුලුවන් කම. ඒ ධෛර්ය හදන එක ඒ ධෛර්‍ය හැදුවට පස්සේ බලය ගන්නේ ජයවික්‍රම මහත්තයලද, මනෝගනේෂන්ද , JVP ද ,කියන එක අපිට තඹපයිසෙකට වැඩක් නැහැ. මිනිස්සු තමන්ගේ අයිතිය වෙනුවෙන් පාරට එන්න පටන් ගත්තට පස්සේ මොකා ආණ්ඩු ගත්තත් ඒ අයට එයාලට ඕනෙ විදියට ආණ්ඩු කරන්න බැහැ. අන්න ඒ නිසා තමයි අපි මේ එක්සත් වෙලා විපක්ෂයේ විරෝධය, නිදහසේ වේදිකාව, ලෙස හදන්න උත්සහ කරන්නේ මේ රටේ මේ කතාකරන්න බැරි එක, මේ රටේ හිටගන්න බැරි එක, කඩන්න. අපිට කට්ටිය කියනවා රනිල් එක්ක පුලුවන්ද? රනිල් මහ ඒකාධිපතිය කියලා .අපිට වැඩක් නැහැ. ඒ පක්ෂවල ඒව ඒ පක්ෂ බලාගනී. නමුත් මේ මොහොතේඅපි එකතු වෙලා ඉන්නේ වෙන කාරණයක් නිසා නෙවේ. මේ රටේ කතා කිරීමේ නිදහස වෙනුවෙන්. ඊට බස්සේ බලමු ඡන්ද වල මොකද කරන්නේ කියලා. ප්‍රධාන දේ මේ නිශ්ෂබ්දතාවය කඩන එක. ඒ නිසයි මේ මහජන මන්ත්‍රන සභාවෙ වැදගත්කම තියෙනනේ.. මෙතන්ට ඇවිත් අපිට කිව්වට මේ මේ ප්‍රශ්ණ වලට විසදුම් දෙන්න කියලා අපිට එහෙම විසදුම් දෙන්න බැහැ. නමුත් මේ සාකච්ඡාව එලියට ගෙනිහිල්ලා ඒක දිගින් දිගටම ගෙනිචොත් තමයි අපිට යම් විසදුමකට එන්න පුලුවන් වෙන්නේ, ඒ නිසා සහෝදර සහෝදරියනි අද මහජන මන්ත්‍රන සභාවට සහභාගී වුනු අයට ස්තූතියි. කාළය කෙටි නිසා මීට වඩා කතාකරන්න දෙයක් නැහැ. අද හැමතැනම, හැම ජන කොට්ටාසයක්ම එළියට එනවා හැබැයි තාමත් ඒක වර්ධනය කරගන්න ඕනේ.

ජනාධිපති මැදහත් වෙලා අර ඉස්කෝලෙ ප්‍රශ්ණ බේරන්න හොදම දේ පොඩි එකෙක්ව ගෙනල්ලා අනේ මාමේ අපිට ගුරැවරයෙක් නැහැ කියල කිව්වහම අනිත් පැත්ත හැරිල කියනවලු ජනාධිපති, වහාම ගුරැවරයෙක්ව දෙන්න කියලා ඕක කොරන්න බෑනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here