චමිලාගේ නඩුවට අනුරාධපුර මහ රෝහලේ වෛද්‍ය නිලධාරිනියකගෙන් සාක්ෂි…

0
127

chamila new 012007 වසරේදී නොවැම්බර් 12 වන දින මීගමුව රෝහලේදී  දූෂණය කොට 6වන මහලෙන් බිමට තල්ලු කර දමා මරා දමනු ලැබූ චමිලා දිසානායක නැමැති ඇගලුම් කම්හල් සේවිකාවගේ මරණය සම්බන්දයෙන් වූ නඩු විභාගයේ තවත් එක් නඩුවාරයක් පැවැත්විණි. ඒ මීගමුව පළාත් බඳ අධිකරණයේ විනිසුරු M.M.A.ගෆුර් මහතා ඉදිරියේදීයි.

එදින එම මරණය සම්බන්දයෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේ එවකට මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක වූ දැනට අනුරාධපුර මහ රෝහලේ වෛද්‍ය නිළධාරිණියක ලෙස සේවය කරන ඉරේෂා දමයන්ති මහත්මියයි.ඇය විසින් සාක්ෂි සපයමින් ප්‍රකාශ කලේ චමිලාගේ මරණය සිදුවූ දින තමා මීගමුව රෝහලේ 5වන වාට්ටුවේ on call හෙවත් අවශ්‍ය ඕනෑම වෙලාවක සේවයේ යෙදීමට සූදානම්ව සිටි බවයි. ඒ අනුව එදින 11.30ත් 11.45ත් අතර වේලාවකදී රෝහලෙන් ළමයෙකු වැටී ඇති බවත් ඇයට ප්‍රතිකාර කිරීමට මූලික ප්‍රතිකාර ඒකකයට (ETU) පැමිණෙන ලෙස දැනුම්දුන් බවත් ඇය ප්‍රකාශ කලාය. එලෙසම ඇය (චමිලා) කොළඹ ජාතික රෝහලට ගෙන යාමට සැලසුම් කර තිබූ බවත් වෛද්‍යවරයෙක් ලෙස තමාටද එම ගිලන් රථයේ ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට මීගමුව රෝහලෙන් යැවූ බවද පැවසුවාය. එහිදී ඇයට කොළඹ ජාතික රෝහලට ගෙන යන අතරතුරදී ඔක්සිජන් හා සේලයින් ලබා දුන් බවත් එහෙත් ක්‍රමයෙන් ඇයගේ නාඩිවැටීම දුර්වල වූ බවත් මීගම්ව රෝහලේ වෛද්‍යවරුන්ට දැන්වූ අතර පසුව චමිලාව ඉක්මනින් ලගම ඇති රාගම රෝහලට ඇතුලත් කරන ලෙස තමාට උපදෙස් ලැබුන බවත් තවදුරටත් ඇය පැවසුවාය.

එහිදී ඇයව රාගම රෝහලේ ETU අංශයට යොමු කළත් ඒ වන විට ඇය මියගොස් සිටි බව වෛද්‍යවරිය සාක්ෂි දෙමින් කියා සිටියාය.

මෙහිදී රජයේ නීතිඥවරයා ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් වෛද්‍යවරිය ප්‍රකාශ කලේ චමිලා එදින කළුපාට ටීෂර්ට් එකක් හා රෝසපාට සායක් ඇඳසිටි බවයි. මෙහිදී රජයේ නීතිඥවරයා නැවතත් ඇයගෙන් ප්‍රශ්ණ කර සිටියේ රෝගියා (චමිලා) ඒ  අවස්ථාවේදී ඇඳසිටි අඳුම් හදුනාගත හැකිද යන්නයි. එහිදී ඇයගේ ප්‍රකාශය වූයේ හදුනා ගත හැකි බවයි. ඒ අන්ය මේ අවස්ථාවේදී රජයේ නීතීඥවරයා මියගිය චමිලා ඇඳසිටි ඇඳුම් වෛද්‍යවරියට පෙන්වීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටි අතර සාක්ෂි සැපයූ එම වෛද්‍යවරිය චමිලා ඇඳසිටි කළුපාට ටීෂර්ට් එක හා රෝස පාට සාය හඳුනාගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්දයෙන් චෝදනා ලැබසිටින්නේ එවකට මීගම්ව රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස සෙවය කල ඉන්දික සුදර්ශන බාලගේ නැමැත්තාය. එදින රජයේ නීතිඥ අසේල සේරසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපත් නීතිඥ ප්‍රසන්නලාල් ුඅල්විස්  මහතාගේ උපදෙස් පරිදි නීතිඥ තුසිර මැල්ලවේතන්ත්‍රී මහතා පෙනී සිටියේය. විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් නීතිඥ අනූජ පේමරත්න මහතාගේ උපදෙස් මත නීතිඥ ශ්‍රීලාල් ප්‍රනාන්දු සහ නීතිඥ තනූජා හතුරුසිංහ යන අවනලුන් පෙනී සිටයෝය. මෙම නඩුවේ වැඩිදුර වීභාගය 2014 ජනවාරි මස 23වන දිනට කල් තබනු ලැබීය