චමිලාට සාධාරණය ඉටුකරන්න මාර්තු 05 මීගමුවට එන්න

0
51

නිති පිඨයේ අවසන් වසරේ සිසුවියක් වු අචලාගේ  අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ කාර්ය මණ්ඩලය වෙත චෝදනා පත්‍ර පසුගිය දිනක භාර දි තිබුනේ වෛද්‍ය නොසැලකිල්ල සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුන විවිධ විමර්ශනයන්ගේ ප්‍රථිපල ලෙසිනි.
රෝහලේ පරිපාලනය දුර්වල තත්වයක පැවතුනා යන චෝදනාවද එහි විය.
මාසයක් වැනි කෙටි කලක් තුලදි අචලා වෙනුවෙන් නිතිය  එසේ ක්‍රියාත්මක වෙද්දි මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනය කෙරුණු  මොනරාගල පදිංචිකාරියක් වු චමිලා   ඇගලුම් කම්හලක සේවිකාවකගේ මරණය දැන් කාටත් අමතකව ගොසිනි.
ඇය ඝාතනයට ලක්ව වසර 5 ක් ද ගෙවි අවසන්ය.
ජනමාධ්‍ය වලට ඇය වැදගත් වුයේ නැත. දේශපාලකයන්ටද එසේමය .සෞඛ්‍ය බලධාරින් සිටියේ කසාය බොන ලද  ගොළුවන් ලෙසිනි.

ඒ අචලා ව මෙන් චමිලා ව මාකට් කිරිමට නොහැකි නිසාවෙනි.

චමිලාගේ නඩුව නැවතත් 2013 මාර්තු 5 සහ 6 යන දිනවලදි මීගමුව උසාවියේදි ඇසිමට නියමිතය.
චමිලාට සිදුවු අසාධාරණය පිළිබද නැවතත් මේ සමාජයේ හෘද සාක්ෂිය අවදි කළ යුතුව තිබේ.චමිලාව මාර්කට් කිරිමට මාධ්‍ය විසින් සංදර්ශන පවත්වා වි යැයි අප විශ්වාස නොකරමු.
එහෙත් මේ සංවාදය නැවතත් අප ඉදිරියට ගත යුතුය.
එබැවින් නිදහසේ වේදිකාව විසින් චමිලාගේ ඝාතනය පිළිබදව මාර්තු 05 වනදා මීගමුවේදි උද්ඝෝෂණයක් පැවැත්විමට කටයුතු යොදා ඇත.