චමිලා ඝාතනයේ අභිරහස පෙම් පතින් හෙළි වෙයි ද?

0
236

Chamila Disanayakaඅද මිගමුව මහාඅධිකරණයේ දී  විනිසුරු එම්.එම්.ඒ ගෆුර් මහතා ඉදිරියේ චමිලා දිසානායක  ඝාතන නඩුවේ තවත් සාක්ෂි  විභාගයක් පැවැත්විණි. එහිදී විත්තිය වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා විසින්  මෙම ඝාතනය සම්බන්ධයෙන්  මිගමුව පොලිසියේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ 2007 වසරේදී  මීගමුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා  වන  සුබසිංහ කංකානම්ගේ පුෂ්පකුමාර  තිලක් සුබසිංහ  මහතාගෙන්   සාක්ෂි විමසන ලදී.

2007 නොවැම්බර් මස 13 වන දින සොයාගත් චමිලා සතුව තිබූ  දින පොත සහ ඇය ලියා තිබූ ලිපියක් පිළිබඳව මෙහිදී අවධානයට ගෙන තිබුණි.
එහි සඳහන් වූ දැ අතර ඇය සිය පෙම්වතාට ලියන ලද සටහන් කීපයක් විය.
එම සටහන් වල ඇය අය්යා නමින් ඔහුව අමතා ඇති අතර ඔහුත් ඇයත් අතර ඇතිවූ යම්  මතභේදයක් පිළිබද සිය සංවේදී හැගීම් සටහන් කර තිබුණාය.
ඒවායේ සමහර පද පේළි විත්තියේ නීතිඥවරයා විසින්  නැවත පිරික්සමින් අධිකරණයේ  අවධානයට  යොමුකරන ලදී.

(උපුටාගැනීම්)

‘මා ඉතා ආදර අය්යා වෙත,
ඔයාගේම ආදර චමි.”

‘ අනේ අය්යේ බොරුවට මගේ ජීවිතය කාලකන්නි කළා.
අනේ අය්යේ මේ නංගී ඔයාට ලියන අවසාන ලියුම වෙන්ඩ පුලුවන්.’

‘මම ඊයේ මැරෙනවාමයි අය්යේ
මම ඇවිත් බලනකොට අක්කා ඇවිත් හිටියා
නැත්නම් මගේ ජීවිතය ඊයෙම ඉවරයි’

‘අය්යේ මගේ ජීවිතය නැතිවුණා කියලා කියන්නේ
ඔයාගේ ජීවිතෙත් ඉවරයි කියලා හිතාගන්න
ඔයාගේ ඔය වැරදි වලට අපේ පවුලේ අයට තරහා ගිහින් ඉන්නේ
මට යම්කිසි දෙයක් වුණා නම් ඔයාට මේ හැම දේකටම වගකියන්ඩ වෙයි.’

‘අනේ අය්යේ අපි දෙන්නා ගෙදර යන්ඩ කලින් තීරණයක් අරන් බදිමු.
නැතිනම් මම ගෙදර යන්නෙත් නෑ. නැතිනම් මේ කොළඹ රටේ ඉන්නෙත් නෑ”

මෙම ලිපියට අමතරව දිනපොතේ සටහන් කර තිබූ  කවි පද කීපයක් ද නීතිඥවරයා විසින් කියවූ අතර එවා දිනපොතේ සටහන්ව තිබූ බව  පොලිස් ස්ථානාධීපති තිලක් සුබසිංහ මහතා පිළිගන්නා ලදී.

සිද්ධිය වූ දිනට පසුදින (2007-11-13)  සාක්ෂි සටහන් ලබාගත් අය අතර චමිලා දිසානායකගේ යෙහෙළියන් දෙදෙනෙකු ද වූ බවත් ඔවුන්ගේ  ප්‍රකාශ අනුව ඇයගේ පෙම්වතා  ව සිටියේ මස්සිනා කෙනෙකු වන සුසන්ත ප්‍රදීප් නමැත්තෙකු බව ද මෙහිදී අවධාරණය විය.
චමිලාගේ පෙම්වතා ව සිටියා යැයි  කියන සුසන්ත ප්‍රදීප් නමැත්තාගෙන්  විමර්ශනයේදී ප්‍රකාශ සටහන්  කර නොගත් බවත් විත්තියේ නීතිඥවරයා විසින් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සුබසිංහ මහතා පවසන ලදී.
මේ  වන විට චමිලා සතුව තිබූ මෙම ලිපිය  තුල ඇති අත්අකුරු  කාගේද යන්න තහවරු කිරීමක් පිළිබඳවත්  එය යවන්නට සැලසුම් කළ  පුද්ගලයාගේ ලිපිනයක්  පිළිබඳ සාක්ෂියක් ඉදිරිපත්  ව තිබුනේ නැත.

මෙම ඝාතන නඩුවේ  දී මෙතෙක් ඉදිරිපත් වූ සාක්ෂි අතර අධිකරණ වෛද්‍ය නිලධාරි  ප්‍රියන්ජිත් පෙරේරා මහතාගේ  පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දී ඉදිරිපත් වූයේ චමිලා ඝාතනය වීමට සුලු මොහොතකට පෙර ඇයව ලිංගික බලහත්කාරකමකට ලක්වී ඇති බවයි.
ඒ පිළිබඳව ” 2013 මැයි 09 වනදා   මීගමුව මහා අධිකරණයේදී පැවති සාක්ෂි විභාගයේදී ඔහු විසින් සාක්ෂි දෙන ලද්දේ  මේ ඔස්සේ දිර්ඝ කරුණු දැක්විමක නිරතවෙමිනි.
එහිදී  ඇය මරණයට පත්වීමට පෙර ලිංගික බලහත්කාරකමකට ලක්වී ඇති බවත්, ඇගේ කන්‍යා පටලය බිදී ඇත්තේ ද මරණයට සුළු මොහොතකට පෙර බවත් ඔහු විසින් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මීගමුව රෝහලේ 06 වන මහලින් බිමට වැටීමට පෙර ඇයගේ ගෙල මිරිකා ඇති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් තහවුරු කරන ලදී.
අද දින පැවති මෙම නඩුවාරයට මෙම ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වන වෛද්‍ය සුදර්ශන බාලගේ ඉදිරිපත්වී සිටි අතර මෙම නඩුවේ තවත් නඩු වාරයක් 2013 ඔක්තෝම්බර් මස 30 වනදා  මීගමුව මහා අධිකරණයේදී පැවැත්වීමට නියමිතය.
Chamila Disanayakaසබැඳි සටහන් –

 http://www.meepura.com/stories/%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA-%E0%B6%B6%E0%B7%92%E0%B6%AF%E0%B7%92  –