මෙම නඩුවේ සාක්ෂි ඇරඹි 2013 මාර්ත 05 වදා සිට මේ සැකකාර වෛද්‍යවරයා බන්ධනාගාරගත කෙරුණි.
ඊට පෙර ඇප මත සිටියදි ඔහු මීගමුව කුරණ ප්‍රදේශයේ මීගමුව බන්ධනාගරයේ ප්‍රධාන වෛද්‍යවරයා වු වෛද්‍ය ඉන්ද්‍රජිත් පානාවැන්න ට අයත් පුද්ගලික බෙහෙත් ශාලාවක සේවය කලේය.
ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපංදි වෛද්‍යවරයෙක් නොවු සුදර්ශන බාලගේ හට රෝගින් ට ප්‍රතිකාර කිරිමට නිතිය බලයක් නැතැයි මාධ්‍ය විසින් හෙළි කිරිම මෙන්ම ප්‍රදේශයේ සිවිල් සංවිධාන අදාල බලධාරින් හට දැනුම් දිමෙන් අනතුරුව සුදර්ශන බාලගේව එම බෙහෙත් ශාලවෙන් ඉවත් කිරිමට වෛද්‍ය පානැවැන්නට සිදුවිය.
එමෙන්ම මීගමුව රෝහලේ වෛද්‍යවරුන් විසින්ද මෙම නිතිවිරෝධි කටයුත්ත පිළිබදව විරෝධය පළ කර තිබුන බවද වාර්තා විය.