චමිලා ඝාතනයේ සැකකාර වෛද්‍යවරයාට මරණ දඩුවම…

0
82
DSC_0823
චමිලා දිසානායකගේ මව සහ පියා
ජනාධිපති නීතිඥ ප්‍රසන්නලාල් ද අල්විස් මහතා
නීතිඥ තුසිර මැලෙව්වේතන්ත්‍රී මහතා

අද මීගමුව මහ අධිකරණයේදී චමිලා දිසානායකගේ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කෙරිණි. 2007 වසරේ නොවැම්බර්  12 වනදා මීගමුව රෝහලේදී දූෂණය කොට  06 වන මහලින් බිමට දමා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ  තීරණය මහාඅධිකරණ විනිසුරු එම්.ඒ. ගෆූර් මහතා විසින් අද පෙරවරුවේදී  ප්‍රකාශයට පත්කළ අතර වරදකරු වන වෛද්‍ය සුදර්ශන බාලගේ ට එරෙහිව චෝදනා දෙකක් ගොනුවී තිබුණි.
ඒ චමිලාට ලිංගික බලහත්කාරකම් කර දූෂණය කිරීම සහ මරාදැමීම යන චෝදනාවේ.
එහිදී පළමු චෝදනාව වන චමිලාව  දූෂණය කිරීමේ වරදට දඩුවම ලෙස  අවුරුදු 15ක සිරදඩුවමක් සහ මුදලින් දහදාහක් දඩයක් නියම වූ අතර මිනීමැරීමේ චෝදනාව  වෙනුවෙන් මරණ දන්ඩනය නියම කරන ලදී.
මෙහිදී විනිසුරුවරයා විසින් ප්‍රකාශයක් කරමින්  කියා සිටියේ මෙම නඩුවේ තීන්දුව සඳහා ලංකාවේ සිදුවූ වෙනත් පර්වේෂනීය නඩු සලකා බලමින් මෙම නඩු තීන්දුවට ඇසින් දුටු සාක්ෂි මත පමණක් පදනම් නොවී පර්වේෂනීය සාක්ෂි විසින්  දෙන ලද නිගමනයකින් ගත් තීන්දුවක් බවයි. එබැවින් පළමු හා දෙවන චෝදනා වලට සාධාරණ සැකයකින් තොරවු තීන්දුවක් ලබාදී ඇති බවයි.
චමිලා ඝාතන නඩුව වෙනුවෙන්  පෙනී සිටි රජයේ නීතිඥවරයා වූයේ  අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතාය. අගතියටපත් පාර්ශවය වෙනුවෙන්  ජනාධිපති නීතිඥ ප්‍රසන්නලාල්  ද අල්විස් මහතා සහ නීතිඥ තුසිර මැලෙව්වේතන්ත්‍රී යන මහත්වරුන් පෙනි සිටින ලදි.