චමිලා ඝාතන නඩුවේ, විත්තියේ නීතිඥයාට අධිකරණයේදී බාධා

0
73

අද ජුලි 11 වනදා මීගමුව මහ අධිරණයේ දී චමිලා ඝාතන නඩුව පැවැත්වූ අතර මහාඅධිකරණ විනිසුරු එම්.ඒ. ගෆූර් මහතාගේ නඩුව විභාග කරන ලදී. මෙහිදී චමිලාගේ ඝාතන නඩුව සම්බන්ධ දෙපාර්ශවයේම නීතිඥයින්ගේ විශේෂ ප්‍රකාශයක් අද සිදුකිරීමට නියමිතව තිබුණි. නඩුව ආරම්භ වීමෙන් පසුව චමිලා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වෛද්‍ය බාලගේ් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අසනීප බව අධීකරණයට දන්වා පැමිණ නොතිබූ  අතර එබැවින් ඔහුගේ ප්‍රකාශය සිදුවූයේ නැත. ඉන් පසු  චමිලා වෙනුවෙන් නඩුවේ  මුල් අදියරේ පෙනී සිටි රජයේ නීතිඥවරයාගේ ප්‍රකාශය සිදුකරීමට ඔහු සූදානම් විය. එම අවස්තාවේදී  වෛද්‍ය බාලගේ වෙනුවෙන් පෙනී සිටින තවත් නීතිඥවරයෙකු ඔහුට විරෝධය පළ කළ අතර මෙහිදී  යම් අකාරයක නීතිමය ප්‍රශ්නයක් මතුවිය. අවසානයේදී  මහඅධිකරණ විනිසුරුවරයා විසින් ජූලි 20 වන දිනට නඩුව කල් දමන ලදී.ch