චමිලා දුව තමයි අපේ පොඩි අයට ඉගෙන ගන්න සල්ලි දුන්නේ.පියා කියයි.

0
173

මොනරාගල ඉදන් චමිලාගේ තාත්තා අද මීගමුවට ඇවිත් තිබුනේ 2007 වසරේ නොවැ 12 වෙනිදා මීගමුව රෝහලට ප්‍රතිකාර ගැනිම පැමිණ සිටියදි එහි 6 වන මහලින් බිමට දමා ඝාතනයට ලක්ව සිටි තම දියණියගේ නඩුවට පෙනි සිටිම සදහාය.
එහෙත් පොලිසිය විසින් වසර 5 ක් ඉක්මවා ගොස් තිබියදිත් අවැසි නඩු භාණ්ඩ සියල්ල ඉදිරිපත් කරගන්න බැරිවිම මත යළිත්  2013 අප්‍රේල් 29 සහ 30 වනදා දක්වා කල් ගොස් තිබේ.
මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් චමිලාගේ පියා පවසා තිබුනේ 8 දෙනෙකුගෙන් යුතු පවුලේ චමිලා දුව විසින් තමන්ගේ බාලදරුවන්ගේ සියළු අධ්‍යාපන වියදම් වෙළද කලාපේ පඩියෙන් පිරිමසා ලු බවය.දැන් ඔවුන්ට මේ සියල්ල අහිමිය.
මුදල් තන්හාව නිසා මේ නඩුවේ සත්‍ය විවිධ අයුරින් වසන් කරන්නට ඇති ඉඩඅවුරාලිය හැක්කේ ඒ වෙනුවෙන් මහජන මතයත් නැවතත් ගොඩනැගිම තුලින් බව මේ නඩුවේ සියළු වැඩකටයුතු සදහා මුලිකත්වය ගෙන කටයුතු කරන ක්‍රියාකාරිණියක් මාධ්‍ය වෙත පවසා සිටියේය.