එහෙත් චමිලාගේ සිරුර බිමට වැටි තිබුනේ රෝහලේ බිත්තිය අසල වු මල්පැල පවා පොඩිකරගෙනය.එබැවින් මෙය සැක සහිත මරණයක් බව ඉතා පැහැදිලි යැයි ඔහු සාක්ෂි දෙමින් අවධාරණය කර තිබුණි.
සාක්ෂි විමසිම් අවසානයේදි මහාධිකරණ විනිසුරුවරයා මීගමුව රෝහලට පැමිණ චමිලා බිමට වැටුන ස්ථානය සහ රෝහලේ 6 වන මහල ඇතුළු මෙම නඩුවට සම්බන්ධ සියළු ස්ථාන පරික්ෂාවට ලක් කර තිබේ.
චමිලා ඝාතන නඩුවේ මීලඟ නඩු විභාගය ජුලි මස 4 වෙනිදාට යෙදි ඇත.