චිත්‍රාල්ට කැපිල්ලක් ?

0
85

1476139_584252231647402_1271851396_n

වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු  පසුගිය වයඹ පළාත් සභා  ඡන්දයෙන්  තරග වැදී පුත්ලම් දිස්ත්‍රික්කයෙන් 3 වෙනි ස්ථානයට මනාප ලබාගත් අතර මේ වනවිට වයඹ පළාතට සේවයක් කිරීමට සිටින  ඉතාම දක්ෂ මෙන්ම ජනප්‍රිය මන්ත්‍රීවරයෙකි.
මෙවැනි තරුණ දේශපාලනඥයෙකුට පක්ෂයේ ජේ්‍යෂ්ඨයින්ගෙන් ලැබිය යුතු ඇගයීම් වෙනුවට  පසුගිය ජනාධිපතිවරණ කාලයේ පටන් විවිධ කෙණෙහිලිකම් කරන්නට පටන් ගෙන ඇති බව වාර්තා වේ.  මේ වනවිට ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන වැඩකටයුතු ආරම්භ කර ඇති අතර කිසිදු තනතුරක් හෝ වගකීමක් නොදී චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අකර්මන්‍ය වන තත්ත්වයට පත්කිරීමේ සැලැස්මක් ඇති බව  ප්‍රදේශයේ එජාප පාක්ෂිකයෝ පවසති.
මෙ ක්‍රියාව පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප ප්‍රධානියෙකුගේ උවමනාව මත සිදුකරන අතර මොහුගේ පවුලේ අනෙක් සාමාජිකයෝද සිය පවුල්   අධිකාරියට අභියෝගයක් වන කිසිම පුද්ගලයෙකුට තමන්ගේ සහය ලබාදිමෙන් වැලකී සිටීම අතීතයේ පටන්ම සිදුවුණි.
එම හැන්දෙන්ම චිත්‍රාල් ප්‍රනාන්දුටත් දැන් බෙදන්නට පටන්ගෙන ඇති අතර, මෙය ඉතාම නින්දිත හා අශෝබන දේශපාලන අවස්ථාවාදයක් බව එජාප පාක්ෂිකයන් පවසති. වෙනප්පුව ආසනයට එජාප සංවිධායකවරයෙක් පත්කිරීමේදී මෙම පවුල් අධිකාරියට යටත්වීමේ සම්ප්‍රදායක් එජාප නායකත්වය විසින් දිගටම සිදුකරගෙන ගිය බවද  ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරීන් අතර ඇති චෝදනවාකි.
මෙවැනි හේතුන් නිසා පුත්තලම් දිස්ත්‍රික්කය කිසිදිනක ජයග්‍රහණය කරා මෙහෙයවන්නට නොහැකි වන බවට ද ඇතැමුන් අනා වැකි පළකර තිබුණේ දැනට වසර ගණනක සිටය. 

චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව කොතරම් නොසලකා හැර තිබෙනවා ද කියනවා නම් දැන් වෙන්නප්පුව සංවිධායක ලෙස පත්කර ඇත්තේ පහුගිය මැතිවරණ කාලයේ සිය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් කැපවී , ක්‍රියාකාරී  දේශපාලනයෙන් ඈත්ව සිටි නාත්තන්ඩිය ආසනයේ  පී.එන් ගුණවර්ධනවය.
පසුගිය පරාජයන් සලකා බැලීමේදී  පුත්තලම් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට නම් තරුණ, බුද්ධිමත්, ප්‍රතිපත්තිගරුක,  කැපවී වැඩකරන මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවය අද තදින්ම අවශ්‍යවී ඇති බව පැහැදිලිය.

ජසින්තා නිර්මලී