චොකලට් හැම වෙලාවේම ඊයම් කොළ වල ඔතන්නේ ඇයි ?

0
798

චොකලට් කිව්වම ලොකු පොඩි කවුරු වුණත් ආස දෙයක් නේ. වචනේ ඇහුනත් ඇති කවුරු කවුරුත් ඒ පැත්තට හැරෙන්නේ චොකලට් කෑල්ලක රස බලන්න තමන්ටත් ලැබෙයි කියලයි. ඉතින් අපි අද කියන්න යන්නේ චොකලට් ඊයම් කොලයක ඔතන්නේ ඇයි කියලනේ. මේ ප්‍රශ්නෙට සරල උත්තරයක් දෙන්න පුළුවන්. ඒ තමයි මූලික වශයෙන්ම චොකලට් එකේ රසය පවත්වා ගන්න. ඒ වගේම චොකලට් එකේ නැවුම් බවත් මේ නිසාම ආරක්ෂා වෙනවා.

woman eating chocolate bar

චොකලට් වල රසයට හා සුවඳට ගොඩක් වෙලාවට හේතු වෙන එහි අන්තර්ගත වන රාසයනික වර්ග කිහිපයක් තිබෙනවා. ඒ අතර බොහොමයක් essential oils එහෙම නැත්තන් සගන්ධ තෙල් වර්ග වලට අයිති වෙනවා. ඉතින් චොකලට් එකක් වාතයට නිරාවරණය වුනාම එහි අඩංගු මේ තෙල් වර්ගත් වාතය සමඟ ගැටීමට පටන් ගන්නවා. ඒ අවස්ථාවේ වාතයේ ඇති ඔක්සිජන් සහ තවත් වායු වර්ග සමඟ මේ තෙල් වර්ග ප්‍රතික්‍රියා කිරීමට පටන් ගන්නවා. මේ නිසාම ටික දවසකින් චොකලට් එකේ රසය වෙනස් වෙන්න පටන් ගන්නවා. තෙල් වර්ග අපේ වචනයෙන් කියනවා නම් “මුඩු” වෙන්න පටන් ගන්නවා. චොකලට් වල රසය නැති වෙනවා වගේම චොකලට් කෑලි කෑලි වලට කැඩීයාමේ ස්වභාවයකුත් අපිට දකින්න පුළුවන්. මෙහෙම වෙන්නේ චොකලට් එකේ සවිමත් බව මේ ප්‍රතික්‍රියා හේතුවෙන් නැතිවෙලා යන හින්දයි.

040636900 1422519566 cokelat

ඉතින් මේ දේවල් මේ විදියට වෙන එක නවත්ත ගන්න තමයි චොකලට් ඔය රිදී පාට කොලයක ඔතලා එවන්නේ. මේ කොළ වලට ගොඩක් දෙනෙක් ඊයම් කොළ කිව්වත් ඇත්තටම මේ ඊයම් කොළ නම් නෙමෙයි. මේ තියෙන්නේ සිහින් ඇලුමිනියම් කොළ. ඇලුමිනියම් වැනි ලෝහයක් චොකලට් සමඟ ප්‍රතික්‍රියා කරන්නේ නැති හින්දා මේවගේ දේකට යොදාගැනීම සෞඛ්‍ය ගැටළු ඇති කරන්නෙත් නෑ. චොකලට් මේ විදියට ඔතලා තිබ්බම එහි සුවඳ එලියට පිටවෙන්නේ නා වගේම අවට තියන වායුවත් චොකලට් එකේ ගැටෙන්නේ නැති නිසා එහි නැවුම් බව ආරක්ෂා වෙනවා.

www.sira.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here